මෙම ලිපිය අස්ථිය පිලිබඳ වේ. රෝමානු කතෝලික සක්රමේන්තුක පදක්කම සඳහා, ස්කැපියුලාර් බලන්න. බ්‍රිතාන්‍යයේ රෝම ආණ්ඩුකාරවරයා සඳහා, පබ්ලියස් ඔස්ටෝරියස් ස්කැපියුලා බලන්න.
"උරපතු ඇටය" මෙතැනට යළියොමුවෙයි. එක්සත් ජනපදයේ ප්‍රජාව සඳහා, ෂෝල්ඩර්බ්ලේඩ්, කෙන්ටකි බලන්න.
ව්‍යවච්ඡේද විද්‍යාව තුළ, අංසඵලකය (බහුවචනය අංසඵලක)[1] හෙවත් උරපතුව හෝ උරපතු ඇටය ලෙස හැඳින්වෙන්නේ ප්රගණ්ඩාස්ථිය (උඩු බාහුව) අක්ෂකාස්ථිය සමග සම්බන්ධ කරන අස්ථියයි. මෙය සමග සම්බන්ධ වන අස්ථි සේම අංසඵලකය ද යුගලමය වේ. සිරුරේ වම්පස ඇති අංසඵලකය දළ වශයෙන් දකුණුපස අංසඵලකයේ දර්පණ ප්‍රතිබිම්බයක් වැනි ය. මුල්කාලීන රෝම යුගයේ ජනයා විශ්වාස කළේ මෙම අස්ථිය කුඩා සවලක් වැනිය කියායි. ලතින් වෛද්‍ය ශබ්ද මාලාව තුළ උරපතු ඇටය omo ලෙස වහරනු ලබයි.
Quick Facts අංසඵලකය, තොරතුරු ...
Close
අංසඵලකය මගින් උර මේඛලාවේ පසුපස කොටස සාදයි. මිනිසුන් තුළ පැතලි අස්ථියක් වන මෙය දළ වශයෙන් ත්‍රිකෝණාකාර හැඩැති ය. මෙය උරස් කූඩුවේ අපරපාර්ශ්වික පෙදෙසෙහි ස්ථානගත වී ඇත.[2]
| අංසඵලකයේ පිහිටීම (රතු පැහැයෙන් දක්වා ඇත); සජීවීකරණයකි. |
| අංසඵලකයේ හැඩය (වම); සජීවීකරණයකි. |
| පසුපස සිට උරස පෙනෙන අයුරු |
| මානව උරහිස් සන්ධියේ සටහන |
| මානව උරහිස් සන්ධියේ සටහන |
| අංසඵලක සහ වක්‍ර ධමනි |
| වම් අංසඵලකය; පෘෂ්ඨීය මතුපිට. (උත්තර දාරය මැද මුදුනෙහි සලකුණු කොට ඇත) |
| අංසඵලකය; මධ්‍ය පෙනුම |
| අංසඵලකය; පූර්ව මුහුණත |
| අංසඵලකය; අපර මුහුණත |
|
මෙම ලිපිය ව්‍යූහ විද්‍යාත්මක ශබ්ද මාලාවක් භාවිතා කරයි; සාරාංශයක් සඳහා, ව්යූහවිද්යාත්මක ශබ්ද මාලාව බලන්න.
- මෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි
- Nickel, Schummer, & Seiferle; Lehrbuch der Anatomie der Haussäugetiere.
අංසඵලකය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Anatomy photo:10:st-0301 at the SUNY Downstate Medical Center - "ඉහළ අන්තයන්හි සන්ධි: අංසඵලකය"
- සැකිල්ල:DartmouthAnatomy
- සැකිල්ල:DartmouthAnatomy
- radiographsul at The Anatomy Lesson by Wesley Norman (Georgetown University)
(සැකිල්ල:NormanAnatomyFig)