From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර මෑත කාලීන සබඳතා ආරම්භ වන්නේ 1957 වර්ෂයේ සිටයි. ඉන්දියාවේ නව දිල්ලිය හී පිහිටුවා තිබෙන සිය තානාපති කාර්යාලය හරහා රුමේනියාව ශ්‍රී ලංකාව සමග කටයුතු කරන අතර, ශ්‍රී ලංකාව සිය වර්සෝ පිහිටුවා තිබෙන තානාපති කාර්යාලය හරහා රුමේනියාව සමග ගණුදෙනු කරයි.[1] 2003 වර්ෂයේදී එවකට ශ්‍රී ලංකා ජනපතිනිය වූ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, දෙරට අතර පවත්නා සබඳතාව "සමීප සහ මිත්‍රශීලී" එකක් ලෙස හඳුන්වන ලදී.[2]
රුමේනියාව |
ශ්‍රී ලංකාව |
---|
1957 සැප්තැම්බර් 15 වන දිනදී, ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර විදේශ සම්බන්ධතා ආරම්භ කෙරුණි. මුල් සමයේදී දෙරට අතර සාමාන්‍ය මට්ටමේ තානාපති සබඳතා පවත්වා ගෙන යනු ලැබූ අතර, 1967 වසරේදී එය තානාපති සේවය සහ සම්බන්ධ අනෙකුත් අනුබද්ධ සබඳතා සහිත මට්ටමක් දක්වා වර්ධනය කෙරුණි. 1963 වසරේදී රුමේනියාව විසින් ශ්‍රී ලංකාවේ කොළඹ වාණිජ කාර්යාලයක් විවෘත කල අතර, 1976 දී එය භාරකාරත්වයක් සහිත (chargé d'affaires) තානාපති කාර්යාලයක් දක්වා වර්ධනය කෙරිණි. 1995 වර්ෂයේදී කොළඹ වෙනුවෙන් වූ රුමේනියානු මෙහෙයුම් (The Romanian Mission in Colombo) නවත්වා දැමුණත්, 1998 වසරේදී නැවතත් රුමේනියානු වාණිජ කාර්යාලයක් කොළඹ පිහිටුවන ලදී.
1978 වසරේදී, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා රුමේනියාවේ සංචාරයක නිරත විය.[1]
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව බැට කෑ අවස්ථාවේදී, රුමේනියාව යූරෝ 32,000 ක මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී.[3]
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කරන ලදුව සිටි රුමේනියානු තානාපතිවරයෙක් වූ Clarence Felician Chinniah මහතා[3], 2009 ජනවාරියේදී අභවප්‍රාප්ත වූ අතර,[4][5] එම වසරේ දෙසැම්බරයේදී, Valerica Epure මහත්මිය ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ රුමේනියානු තානාපතිවරිය ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.[6][7][8][9]
2009 දෙසැම්බරයේදී, එනම් ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසන් වූ වසරේදී, නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකික දමිල සරණාගතයින් 46 දෙනෙකු, ඉන්දුනීසියාව විසින් රුමේනියාවට හරවා යවනු ලැබූහ.[10]
2006 වර්ෂයේදී දෙරට අතර සිදුවූ වෙළෙඳ ගණුදෙනු ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 7.9 ක් වූ අතර, එය 2007 වර්ෂයේදී මිලියන 8.87 ක් දක්වා වර්ධනය විය.[11] රුමේනියාවේ වෙළෙඳපල ඉලක්ක කර ගනිමින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තේ අපනයනය කරනු ලබයි.[12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.