නන්දි දේවාලය, ඛජුරාහෝ
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
නන්දි දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඛජුරාහෝ නගරයේ පිහිටි හින්දු දේවාලයකි. මෙම දේවාලය පුද කොට ඇත්තේ හින්දු පුරාණෝක්තිවේදය අනුව ශිව දෙවියන්ගේ වාහනය යැයි විශ්වාස කෙරෙන නන්දි ගවයා වෙනුවෙනි. සාමාන්‍යයෙන් පොදු ගෘහනිර්මාණ ලක්ෂණයක් ලෙස ශිව දෙවියන්ට (සහ පාර්වතී දේවියට) පිදූ දේවාලවල ශිව දෙසට මුහුණලා හිඳගෙන සිටින ශෛලමය නන්දි ගව රූප දක්නට ලැබේ. මෙම ලක්ෂණය අනුගමනය කරමින් මෙම දේවාලය ද ශිව දෙවියන්ට පුද කළ ඛජුරාහෝවේ විශ්වනාථ දේවාලයට මුහුණලා ඉදි කොට ඇත.[1] මෙම දේවාලය චන්දේල රාජ්පුත් රාජවංශ සමයේ ඉදිවූවකි.[2]
නන්දි දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ[1] |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′11.9″N 79°55′21.7″E |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | ඡතර්පූර්, ඛජුරාහෝ[1] |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
මෙම ගොඩනැගිල්ල ඉන්දියාවේ ලෝක උරුම අඩවියක් ලෙස සැලකෙන ඛජුරාහෝ ස්මාරක සමූහය අතුරින් එක් ස්මාරකයක් ද වේ.[3]
මෙම දේවාලය පිහිටා ඇත්තේ ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ බටහිර දේවාල සමූහය තුළ ය. දේවාල සංකීර්ණය ඇතුළත මෙහි පිහිටීම සැලකූ විට, මෙම දේවාලය ඛජුරාහෝවේ විශ්වනාථ දේවාලයට මුහුණලා ඉදි කොට ඇත.[1]
ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.
මෙම දේවාලය ගොඩනගා ඇත්තේ ඍජුකෝණාස්රාකාර හැඩැති පීඨිකාවක් (චබුතාරා) මත ය. ප්‍රධාන ගොඩනැගිල්ලේ බිම් සැලැස්ම සතරැස් කුරුසියක (කුරුසයක සහ ඍජුකෝණාස්‍රයක සංයුක්තයක් වැනි) හැඩයකින් යුක්ත ය. එහි ඍජුකෝණාස්රාකාර කොටස මගින් දේවාලයේ ගර්භගෘහය සෑදෙන අතර, කුරුසියේ අන්ත මගින් සෑම පැත්තකම සඳලුතල හතරක් නිර්මාණය කොට ඇත.[4] දේවාලයේ බිත්ති ද සඳලුතල බිත්තිවල ස්වරූපයෙන් යුතු අතර, එමගින් ගර්භගෘහය සම්පූර්ණයෙන්ම ආවරණය නොවේ.[4] පියස්ස පිහිටුවා ඇත්තේ කුළුණු මත ය. මෙම කුළුණු සෑම අන්තයකම ස්ථාපනය කොට තිබෙනු දැකගත හැකි ය.[4]
මායිමේ පිහිටි කැටයම් හස්තීන් (හිස, සොඬය සහ පාද දෙකක් ප්‍රදර්ශනය වන අයුරින් ඉදිරි පෙනුම දක්වා ඇත) නිරූපිත මෝස්තරවලින් අලංකාර කොට ඇත.[4] හස්තීන්ගේ රූ දෙපස මිනිස් රූප ද කැටයම් කොට ඇත.[4]
පිටත පියස්සෙහි පෙම් යුවළවල් නිරූපිත ශෘංගාරාත්මක ප්‍රතිමා ද දැකගත හැකි ය.[4]
මීට අමතරව පිටත පියස්සෙහි සහ බිත්තියේ මායිම් කැටයම් මෝස්තර සමග ශිව දෙවියන්ගේ ප්‍රතිමාවක් ද දැකගත හැක. මෙම ප්රතිමාවෙහි ශිව දෙවියන් සිය දකුණු උරහිසෙහි ත්‍රිශූලයක් දරා සිටින අතර, වම් උරහිසෙහි නාගයකුගේ රුවක් කැටයම් කොට ඇත.[4]
මෙම දේවාලයේ ගර්භගෘහයේ පිහිටුවා ඇති දැවැන්ත ශෛලමය නන්දි ගවයාගේ ප්‍රතිමාව මීටර 2.2ක් දිගින් යුක්ත ය. එහි උස මීටර 1.8ක් පමණ වේ. (පහළ රූපය බලන්න)[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.