චීනය

නැගෙනහිර ආසියාවේ රටක් From Wikipedia, the free encyclopedia

චීනයmap

කටවහරේ බොහෝ විට චීනය (චීන: 中国; පින්යින්: Zhōngguó), නමින් හැඳින්වෙන්නේ මහජන චීන සමූහාණ්ඩුවයි (PRC; චීන: 中华人民共和国; පින්යින්: Zhōnghuá Rénmín Gònghéguó), නැගෙනහිර ආසියාවේ රටකි. එය බිලියන 1.5කට වඩා වැඩි ජනගහනයක් සිටින ලොව දෙවනුවට වැඩිම ජනගහනයක් සහිත රටයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, භූගෝලීය කාල කලාප පහක් පුරා විහිදෙන අතර රටවල් 14කට මායිම් වන අතර, රුසියාවෙන් පසු ලෝකයේ ඕනෑම රටකට වඩා දෙවැනි ස්ථානයයි. දළ වශයෙන් වර්ග කිලෝමීටර් මිලියන 9.6 ක (වර්ග සැතපුම් 3,700,000) ප්‍රදේශයක් ආවරණය වන පරිදි එය ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වේ. රට පළාත් 23කින්, ස්වයං පාලන කලාප පහකින්, මහ නගර සභා හතරකින් සහ විශේෂ පරිපාලන කලාප දෙකකින් සමන්විත වේ. (හොංකොං සහ මැකාවු). ජාතික අගනුවර බීජිං වන අතර විශාලතම නගරය ෂැංහයි වේ.

Quick Facts චීන මහජන සමූහාණ්ඩුව 中华人民共和国[a]Zhōnghuá Rénmín Gònghéguó, අගනුවර ...
චීන මහජන සමූහාණ්ඩුව

中华人民共和国[a]
Zhōnghuá Rénmín Gònghéguó
Thumb
කොඩිය
Thumb
ලාංඡනය
ජාතික ගීය: 

March of the Volunteers
《义勇军进行曲》(Pinyin: "Yìyǒngjūn Jìnxíngqǔ")
Thumb
චීනයේ පිහිටීම
අගනුවරබෙයිජිං
39°55′N 116°23′E
විශාලතම නගරයෂැංහයි
නිල භාෂා(ව)සම්මත මැන්ඩරීන්[1]
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්චීනයේ භාෂා බලන්න
රාජ්‍ය අක්ෂරමාලාවසරල චීන[1]
ජනවාර්ගික කණ්ඩායම්
92% Han; 55 recognised minorities
List of ethnic groups
  • 91.6% Han
  • 1.30% Zhuang
  • 0.86% Manchu
  • 0.79% Uyghur
  • 0.79% Hui
  • 0.72% Miao
  • 0.65% Yi
  • 0.62% Tujia
  • 0.47% Mongol
  • 0.44% Tibetan
  • 0.26% Buyei
  • 0.15% Korean
  • 1.05% other
ජාති නාම(ය)චීන
රජයSingle party-led republic [2]
 ජනාධිපති
ෂි ජින්ග්පින්
 අගමැති
ලී කචීයාං
 NPCSC Chairman
Wu Bangguo
 CPPCC Chairman
Jia Qinglin
ව්‍යවස්ථාදායකයNational People's Congress
Establishment
 People's Republic of China proclaimed.
1 October 1949
වර්ග ප්‍රමාණය
 සම්පූර්ණ
9,596,961 km2 (3,705,407 sq mi)[c] or 9,671,018 km²[c] (3rd/4th)
 ජලය (%)
2.8[d]
ජනගහණය
 2015 ඇස්තමේන්තුව
1,376,049,000 [3] (1st)
 2010 ජන සංගණනය
1,339,724,852 (1st)
 ඝණත්වය
145[4]/km2 (375.5/sq mi) (83rd)
දදේනි (ක්‍රශසා)2015 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$18.976 trillion[5] (1st)
 ඒක පුද්ගල
$13,801[5] (87th)
දදේනි (නාමික)2015 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$11.212 trillion[5] (2nd)
 ඒක පුද්ගල
$8,154[5] (75th)
ගිනි (2012)55.0[6][7]
ඉහළ
මාසද (2013)0.719[8]
ඉහළ · 91st
ව්‍යවහාර මුදලChinese yuan (renminbi) (¥) (CNY)
වේලා කලාපයUTC+8 (China Standard Time)
දින ආකෘතිyyyy-mm-dd
or yyyymd
(CE; CE-1949)
රිය ධාවන මං තීරුවright, except for Hong Kong & Macau
ඇමතුම් කේතය+86[d]
ISO 3166 codeCN
අන්තර්ජාල TLD.cn[d] .中國[9] .中国
Close
Thumb
China's first emperor, Qin Shi Huang, is famed for having united the Warring States' walls to form the චීන මහා ප්‍රාකාරය. Most of the present structure, however, dates to the Ming dynasty.

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන තනි-පක්ෂ රාජ්‍යයකි.[10] චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළාත් 22 ක් මතද , ස්වතන්ත්‍ර ප්‍රදේශයන් පහක් මතද, සෘජු ලෙසින් පරිපාලිත මහ නගර සභා ප්‍රදේශයන් සතරක් (බෙයිජිං, ටියාංජිං, ෂැංහයි, සහ චොංකිං) මතද, අතිශයින් ස්වතන්ත්‍ර[11] විශේෂ පරිපාලන ප්‍රදේශයන් දෙකක් – හොං කොං සහ මැකාවු – මතද සිය අධිපත්‍යය පතුරවයි. එහි අගනගරය බෙයිජිං වෙයි.[12]

වර්ග කි.මී. මිලියන 9.6ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත චීනය සම්පූර්ණ වර්ගප්‍රමාණය අතින් ලොව තුන්වැනි හෝ හතරවැනි තැන[13] ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව දෙවැනි තැන ද ගනියි.[14] චීනයේ විවිධ භූ ලක්ෂණ දක්නට ලැබේ. මොන්ගෝලියාවට සහ රුසියානු සයිබීරියාවට ආසන්න වියළි උතුරුකරයේ තෘණභූමි සහ ගෝබි සහ තක්ලමකන් වැනි කාන්තාර ද, වියට්නාමයට,ලාඕසයට සහ බුරුමයට ආසන්න තෙත් දකුණුකරයේ අර්ධ නිවර්තන වනාන්තර ද දැකිය හැකිය. චීනයේ ස්වභාවික දේශසීමා ලකුණු කරන හිමාලයෙන් සහ ටියන් ෂාන් කඳු පංතිවලින් සැදි රටේ බටහිර ප්‍රදේශය විෂම, උස් ප්‍රදේශයකි. එහෙත් කි.මී. 14,500ක මුහුදු වෙරළකින් යුක්ත චීනයේ නැගෙනහිර ප්‍රදේශය පහත් භූමියක් වෙයි. මෙම මුහුදු වෙරළ ගිනිකොණදිගින් දකුණු චීන මුහුදෙන් ද නැගෙනහිරින් නැගෙනහිර චීන මුහුදින් ද සීමාවී ඇති අතර තායිවානය, කොරියාව සහ ජපානය මින් ඔබ්බෙන් පිහිටයි.

ලොව පැරැණිතම ශිෂ්ඨාචාරයක් වූ චීන ශිෂ්ඨාචාරය උතුරු චීන තැන්න හරහා ගලා බසින කහ ගඟෙන් පෝෂණය විය.[15] වසර 6000කට වැඩි කාලයක් තිස්සේ චීන දේශපාලන ක්‍රමය පදනම් වූයේ පාරම්පරික රාජාණ්ඩු ක්‍රමයක් (රාජ වංශ) මගිනි. මේ අතරින් පළමුවැන්න ක්‍රිපූ 2000 පමණ තිබූ සියා රාජ වංශය (Xia) වුවද චීනය මුලින්ම එක්සේසත් කළේ ක්‍රිපූ 221 දී කින් රාජ වංශය (Qin) විසිනි. අවසාන රාජ වංශය වූ කිං රාජ වංශය (Qing) 1911 දී සමාප්ත වූයේ කුඕමින්ටැං හෙවත් චීන ජාතික පක්ෂය විසින් චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් පසුවයි. රට කුඕමින්ටැං සහ කොමියුනිස්ට් යනුවෙන් දේශපාලන කඳවුරු දෙකකට බෙදීම නිසා 20 වැනි සියවස මුල් භාගයේ චීනය අසමගියෙන් සහ සිවිල් යුද්ධවලින් පිරී පැවතිණි. 1949 දී මෙම ගැටුම් අවසන් වූයේ කොමියුනිස්ට් පෙරමුණ සිවිල් යුද්ධයෙන් ජයගෙන චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශයේ මහජන චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් අනතුරුවයි. කුඕමින්ටැං පෙරමුණ විසින් තම චීන සමූහාණ්ඩුවේ අගනුවර තායිවානයේ තායිපේ නුවර පිහිටවා ගනු ලැබූ අතර දැනට එය මගින් පාලනය වන්නේ තායිවානය, කින්මෙන්, මට්සු සහ තවත් කුඩා දූපත් කිහිපයක් පමණි. එතැන් සිට තායිවානයේ ස්වාධීනත්වය සහ දේශපාලන තත්වය පිළිබඳව මහජන චීන සමූහාණ්ඩුව හා චීන සමූහාණ්ඩුව අතර දේශපාලන ආරවුල් ගහණ විය.

චීනය ශිෂ්ඨාචාරයේ උප්පත්ති ස්ථාන අතරින් එකකි.

ආශ්‍රිත

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.