From Wikipedia, the free encyclopedia
ඉලෙක්ට්‍රොනික් ඡන්දය දැමීම යනු, ඉන්දියාවෙහි සමහරවිට "ඊවීඑම්" ලෙසින් හැඳින්වෙන ඉලෙක්ට්‍රොනික් ඡන්ද-දැමීම් යන්ත්‍ර භාවිතයෙන් මැතිවරණ පැවැත්වීමෙහි සම්මත ක්‍රමයක් වෙයි. [1][2] ඊවීඑම් යන්ත්‍ර භාවිතය සහ ඉලෙක්ට්‍රොනික් ඡන්දය දැමීම, ප්‍රවර්ධනය කිරීම සහ පරික්ෂණයට ලක් කිරීම රජය-සතු ඉන්දීය ඉලෙක්ට්‍රොනික් සංස්ථාව සහ භාරත් ඉලෙක්ට්‍රොනික් විසින් 1990 ගණන් වලදී සිදු කෙරිණි. 1998 සහ 2001 අතරතුර ඉන්දියානු මැතිවරණ සඳහා ඒවා හඳුන්වා දුන්නේ පියවරෙන් පියවර ආකාරයටය. 2004 වසරෙහි සිට, ඉන්දියාවෙහි සියළුම මහා මැතිවරණ සහ රාජ්‍ය සභා මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රොනික් ඡන්ද-දැමීම් යන්ත්‍ර භාවිතා කර ඇත. [3][2] [4]
ඉලෙක්ට්‍රොනික් ඡන්දය දැමීම හඳුන්වා දීමට පෙර, ඉන්දියාවෙහි භාවිතා වූයේ කඩදාසි ඡන්ද පත්‍රිකා සහ හස්තීය ගණන් කිරීමෙහි ක්‍රමය විය. කඩදාසි ඡන්ද පත්‍රිකා පුළුල් දෝෂ දර්ශනයට ලක් වූයේ හොර ඡන්ද දැමීම සහ පක්ෂ ගැත්තන් විසින් ඡන්ද පොළ සිය ග්‍රහණයට නතු කොට ගෙන පෙර-සලකුණු කල ව්‍යාජ ඡන්ද පත්‍රිකා වෙතින් ඒවා පිරවීම සඳහා ඡන්ද පොළ ග්‍රහණයට ගැනීම් නිසාවෙනි. මුද්‍රිත ඡන්ද පත්‍රිකා වඩාත් මිල වන අතරම එක් එක් ඡන්ද පත්‍රිකා ගණන් කිරීම සඳහා සැලකිය යුතු තරම් අධික පශ්චාත්-මැතිවරණ සම්පත් අවශ්‍ය වෙයි.[2] "ඡන්දය දැමීමෙහි සීඝ්‍රතාවය විනාඩියට පහක් වන පරිදී ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට සීමා කිරීම ",[1] "අගුළු දමා-ඡන්දය වැසීමේ" ආරක්ෂිත පහසුකම, ඡන්දදායකයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට "ඡන්දය දැමීමේ අත්සන් සහ ඇඟිලි සලකුණු" සහිත ඉලෙක්ට්‍රොනික් දත්ත ගබඩාවක්, එක් එක් ඡන්දය දැමීමේ ස්ථානයෙහි පුළුල් ආරක්ෂක පිරිස යොදවමින් ඡන්දය පියවරෙන් පියවර සති කිහිපයක් තුල පැවැත්වීමේ හැකියාව [1] යන ඊවීඑම් යන්ත්‍ර තුල එබ්බුණු පහසුකම් හේතුවෙන්, හොර ඡන්ද සහ අයථාභාවිතය අවම කිරීම, ඡන්ද පොළ ග්‍රහණය තුරන්කිරීම යනාදිය තුලින් වඩාත් තරගකාරී සහ සාධාරණ මැතිවරණ පැවැත්වීමට හැකි විය.[5][2] ඉන්දියානු ඊවීඑම් යන්ත්‍ර යනු තනිව ක්‍රියාත්මක විය හැකි යන්ත්‍ර වන අතර ඒවා තුල එක් වරක් පමණක් ලිවිය හැකි, පඨන මාත්‍ර මතකයක් ගැබ්ව ඇත.[6] ඊවීඑම් යන්ත්‍ර නිපැයෙන්නේ ආරක්ෂිත නිෂ්පාදන ක්‍රම උපයෝගී කරගනිමින් වන අතර, ඒවායේ නිර්මාණය විසින්ම, අවශ්‍ය සියළු දේ එය තුලම ඇති, බැටරියක් මගින් ජවය සැපයෙන සහ කිසිදු ජාල හැකියාවක් නොමැති යන්ත්‍ර වෙති. ඒවා සතුව කිසිදු රැහැන්-රහිත හෝ රැහැන්-සහිත හෝ අන්තර්ජාල සංඝටක සහ අතුරුමුහුණතක් අඩංගු නොවෙයි.[7] ඊවීඑම් යන්ත්‍රවල එම්3 අනුවාදය තුල වීවීපීඒටී පද්ධතියක් අඩංගු වෙයි.[6]
මෑත මැතිවරණ වලදී, විවිධ විරුද්ධ පක්ෂ විසින් ආසනය හිමිකරුවන් පරාජය කිරීමට නොහැකි වූ විට චෝදනා එල්ල කලේ ඊවීඑම් යන්ත්‍ර තුල දෝෂ ඇති බවක්ය.[8][9] දිල්ලි මහාධිකරණය විසින් දුන් තීන්දුවෙන් පසුව, ඉන්දියාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2011 වසරෙහිදී මැතිවරණ කොමිසම වෙත නියෝග කලේ ඊවීඑම් යන්ත්‍රවල විශ්වසනීය ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම පහසු කරනු වස් කඩදාසි පටයක් අඩංගු කරන ලෙසයි.[9][10] මැතිවරණ කොමිසම විසින් 2012 සහ 2013 වසර අතරතුර ඡන්දදායකයා-විසින්-තහවුරු කල කඩදාසි විගණන පටය (වීවීපීඒටී) පද්ධතිය සහිත ඊවීඑම් යන්ත්‍ර ප්‍රවර්ධනය කෙරිණි. මෙම පද්ධතිය නියමු පදනමක් මත 2014 ඉන්දියානු මහා මැතිවරණය තුලදී අත්හදා බැලිණි. [11] [12] ඉලෙක්ට්‍රොනික් ඡන්දය දැමීමේ යන්ත්‍ර සහ ඒ සමග ඡන්දදායකයා-විසින්-තහවුරු කල කඩදාසි විගණන පටය (වීවීපීඒටී) දැන් ඉන්දියාවෙහි සෑම මන්ත්‍රණ සභා සහ මහා මැතිවරණ තුලදී භාවිතා කෙරෙන අතර, වීවීපීඒටී කුඩා ප්‍රතිශතයක් සත්‍යායනය කෙරෙයි. [13][14][15] 2019 අප්‍රේල් 9 දිනදී, ඉන්දියාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉන්දියාවෙහි මැතිවරණ කොමිසම වෙත නියෝග දුන්නේ, සෑම මන්ත්‍රණ සභා මැතිවරණයකදීම වීවීපීඒටී කඩදාසි පට පද්ධතිය සෑම මන්ත්‍රණ සභා ඡන්ද කොට්ඨාශයකදීම භාවිතා කරන ලෙසත් එනමුදු 2% පමණ ඊවීඑම් සංඛ්‍යාවක් පමණක්, එනම් එක් කොට්ඨාශයකට ඡන්ද පොළ 5 කදී පමණ, අවසන් ප්‍රතිඵලය සහතික කිරීමට පෙර [15] සත්‍යායනය කරන ලෙසත්ය. ඉන්දියාවෙහි මැතිවරණ කොමිසම මේ නියෝගය පරිදී ක්‍රියාකරමින් 2019 ඉන්දියානු මහා මැතිවරණය තුලදී, ඊවීඑම් යන්ත්‍ර 20,625 සඳහා වීවීපීඒටී සත්‍යායනය යෙදවීය.[16][17][18]
1990 ගණන් වන තුරු ඉන්දියාව භාවිතා කලේ කඩදාසි ඡන්ද පත්‍රිකා වෙයි.
ඊවීඑම් යන්ත්‍ර සහ ඉලෙක්ට්‍රොනික් ඡන්දය දැමීම්, ඉන්දියාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉන්දීය අධිකරණයන්හී විවිධ අධිකරණ නඩු සම්බන්ධයෙන් විෂය කාරණා බවට පත් විය.
ඉන්දියාවෙහි මැතිවරණ කොමිසම විසින් 1989 වසරෙහිදී ඉන්දියානු ඉලෙක්ට්‍රොනික් ඡන්දය දැමීමේ යන්ත්‍ර (ඊවීඑම්) ප්‍රවර්ධනය කෙරුණේ භාරත් ඉලෙක්ට්‍රොනික් සමාගම සහ සීමාසහිත ඉන්දීය ඉලෙක්ට්‍රොනික් සංස්ථාව සමග සහයෝගීත්වයෙනි.
ඊවීඑම් යන්ත්‍රයක්, පාලන ඒකකයක් සහ ඡන්දය දැමීමේ ඒකකයක් වශයෙන් ඒකක දෙකකින් සමන්විත වෙයි.
ඊවීඑම් යන්ත්‍ර සඳහා ජවය සැපයෙන්නේ, [19] සීමාසහිත භාරත් ඉලෙක්ට්‍රොනික්ස්, බැංගලෝරය සහ සීමාසහිත ඉන්දීය ඉලෙක්ට්‍රොනික් සංස්ථාව, හයිද්‍රබාද් විසින් නිෂ්පාදනය කෙරෙන සාමාන්‍ය වෝල්ට් 6 ඇල්කලයින් බැටරියක් වෙතිනි.
ඒකක දෙකම සතුව විවිධ අපවේක්ෂණ-රෝධක නියමාවලී තිබේ. නිර්මාණය කර ඇති ආකාරය නිසාවෙන්ම, ඒවායේ දෘඨාංග, ප්‍රකමණය කල හැක්කේ නිෂ්පාදනය කරන අවස්ථාවෙහිදී එක් වරක් පමණක් වන අතර, ඒවා යළි-ප්රකණමය කල නොහැක.
ඊවීඑම් යන්ත්‍රයක් විසින් උපරිම වශයෙන් ඡන්ද 3840 (දැන් 2000) ලකුණු කල හැකි අතර අපේක්ෂකයන් උපරිම වශයෙන් 64 සංඛ්‍යාවක් සඳහා භාවිතා කල හැකි වෙයි.
වර්තමානයෙහි ඉන්දියාවෙහි භාවිතා කෙරෙන ඉලෙක්ට්‍රොනික් ඡන්දය දැමීමේ යන්ත්‍ර, වීවීපීඒටී හැකියාව සහිත එම්3 අනුවාදය වන අතර පැරණි අනුවාද වූයේ එම්1 සහ එම්2 වෙති. වරක් පමණක් ලිවිය හැකි මෘදුකාංග (කියවීම-පමණක් හැකි ප්රතිඡන්න මතකයක්) වෙතින් ඒවා සදන්නේ සහ කේතාංකනය කෙරෙන්නේ, සීමාසහිත භාරත් ඉලෙක්ට්‍රොනික් සහ සීමාසහිත ඉන්දීය ඉලෙක්ට්‍රොනික්ස් සංස්ථාව යන රජය-සතු සහ අධි-ආරක්ෂක පරිශ්‍ර තුලදීය.[6]
ඡන්ද පොල භාර නිලධාරියා හෝ ඡන්ද විමසීම මෙහෙයවන නිලධාරියා වෙත පාලන ඒකකය සතු වෙන අතර ඡන්දය දැමීම් ඒකකය ඡන්දය දමන කුටිය තුල තැන්පත් කර ඇත.
1989–90 කාලසීමාවෙහි යන්ත්‍ර මිලදී ගන්නා විට ඊවීඑම් යන්ත්‍රවල මිල 5500 (2016 දී 41,000 හෝ US$640 ට සමාන ය) විය.
ඡන්ද පොළක් වෙතින් ඔහුට ඡන්දය දුන් පුද්ගලයින් සංඛ්‍යාව ඡන්ද අපේක්ෂකයෙක් විසින් දැන ගත හැකිවෙයි.
ජනතා පක්ෂයෙහි සභාපති සහ මධ්‍යම රජයෙහි නීතිය, වානිජ්‍යය සහ අධිකරණය පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවර සුබ්‍රමානියම් ස්වාමි ප්‍රධානත්වයෙන් ඉන්දියානු ඊවීඑම් සහ ඒවායෙහි අපවේශන හැකියාව පිළිබඳව ජාත්‍යන්තර සම්මේලනයක් 2010 පෙබරවාරි 13 දිනදී චෙන්නායි හිදී පැවැත්විණි.
දි ඉන්ඩියා ටුඩේ විසින් ඊවීඑම් යන්ත්‍ර පිළිබඳ "ස්වයං-හිමිකම් පෑ විශේෂඥයෙක්" ලෙසින් හැඳින්වුණු සෙයිඩ් ෂූජා විසින් [20] චෝදනා නැගුවේ, ඉන්දියානු ඊවීඑම් යන්ත්‍ර අපහරණය කල හැකි බවත්, ඒඒපී, බීජේපී, කොන්ග්රස්, එස්පී, සහ අනෙකුත් ඉන්දියානු දේශපාලන පක්ෂ විසින් එසේ අපහරණය කර ඇති බවත්ය.
ෂූජා විසින් පැවසූ පරිදී ඊවීඑම් යන්ත්‍ර අපහරණය කල හැකිය යන කරුණ ඉන්දියාවෙහි මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කරන ලදි.[20]
අපහරණය සිදුකල හැකි බවට චෝදනාවන්ට ප්‍රතිඋත්තර වශයෙන්, ඊවීඑම් යන්ත්‍ර තුල වීවීපීඒටී භාවිතා කල යුතු බවට යෝජනාවකට සියළු-පක්ෂ රැස්වීමකදී බහුතරයක් දේශපාලන පක්ෂ ඡන්දදායකයා-විසින්-තහවුරු කල කඩදාසි විගණන පට විසින් සහයෝගය පලවුනු බැවින්, මැතිවරණ කොමිසම විසින්, 2010 ඔක්තොම්බර් 8 දිනදී, මහාචාර්ය පී. වී. ඉන්ඩිරේසන් (අයිඅයිටී-එම් හී හිටපු අධ්යක්ෂ) ප්‍රධානත්වය යටතේ විශේෂඥ තාක්ෂණික කමිටුවක් පත් කරන ලදි. ඡන්දදායකයා විසින් ඡන්දය ලබා දුන් පක්ෂයෙහි ලාංඡනය දක්වන මුද්‍රිත පටයක් ඔවුන්ට ලැබෙන පරිදී කඩදාසි පටයක් හඳුන්වා දීමෙහි හැකියාව පරික්ෂා කර බැලීමට කමිටුව වෙත පවරන ලදි.[10]
2011 ජූනි 21 දිනදී, මැතිවරණ කොමිසම විසින් ඉන්ඩිරේසන් කමිටුවෙහි නිර්දේශ පිළිගත් අතර, පද්ධතියෙහි ක්ෂේත්‍ර පරික්ෂණ සිදු කිරීමට තීරණය කෙරිණි. [21] 2011 ජූලි 26 දිනදී, වීවීපීඒටී පද්ධතියෙහි ක්ෂේත්‍ර පරික්ෂණ, ජම්මු සහ කාශ්මීරයෙහි ලඩාක් හීද, කේරලයෙහි තිරුවෙනත්තපුරම් හීද, මෙඝාලයාහී චෙරාපුන්චී හීද, දිල්ලියෙහි නැගෙනහිර දිල්ලියෙහිද සහ රාජස්තානයෙහි ජයිසල්මෙර් හීද පැවැත්විණි.[22][23]
ඡන්දය දැමීම සඳහා "කඩදාසි පටයක්" එක් කිරීමට මැතිවරණ කොමිසම විසින් 2012 ජනවාරි 19 දිනදී එකඟ වන ලදි. එයින් පසු සිදුකෙරණු ඊවීඑම් යන්ත්රයන්හී උත්ශ්‍රේණි කිරීම තුලදී ඊවීඑම් මෘදුකාංග වෙනස් කෙරුණු අතර යන්ත්‍රයට මුද්‍රණ යන්ත්‍රයක් ඈඳන ලදි. වීවීපීඒටී පද්ධතිය සමග, ඡන්දයක් ප්‍රකාශ කල විට, එය එහි මතකයෙහි ගබඩා වන අතර එසැණෙහිම අනුක්‍රමික අංකයක් සහ ඡන්ද දත්ත මුද්‍රණය කෙරෙයි. රජය-සතු ඊවීඑම් නිෂ්පාදක සීමාසහිත භාරත් ඉලෙක්ට්‍රොනික් හී කළමණාකාර අධ්‍යක්ෂක අනිල් කුමාර් පවසන පරිදී, මෙය විසින් ඡන්ද ප්‍රතිඵල පිළිබඳ වඩාත් විශ්වාසනීයත්වයක් තහවුරු කෙරෙයි.[24] කුමාර් පවසන්නේ, මෙම මුද්‍රිත, "ඊවීඑම් යන්ත්‍ර තුල ගබඩා කර ඇති ඡන්ද දත්ත යළි-පරික්ෂා කිරීමට පසුව භාවිතා කෙරෙයි".[11]
නේපාලය, භූතානය, නැමිබියාව සහ කෙන්යාව විසින් ඉන්දියානු-නිෂ්පාදිත ඊවීඑම් යන්ත්‍ර මිලදී ගෙන ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.