From Wikipedia, the free encyclopedia
website iplt20.com ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය යනු ඉන්දියාවේ නගර නියෝජනය කරන කණ්ඩායම් 10 ක් අතර සෑම වසරකම අප්‍රේල් සිට මැයි දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියකි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තරගාවලිය ආරම්භ කරන ලද අතර එය හිටපු කොමසාරිස් ලලිත් මෝදිගේ සංකල්පයකි.[1] අයිපීඑල් ලෝකයේ වැඩිම ක්‍රීඩකයන් පිරිසක් සහභාගී වූ ක්‍රිකට් ලීග් තරගාවලිය වන අතර, 2014 වසරේදී ක්‍රිකට් ලීග් තරගාවලි අතරින් හයවන ස්ථානයට පත් විය.[2] අයිපීඑල් යූටියුබ් ඔස්සේ සජීවීව විකාශය වන ලොව ප්‍රථම ක්‍රීඩා උළෙල බවට පත්විය.[3][4]
IPL හි සන්නාම වටිනාකම 2017 දී ඇමරිකානු ඩොලර් බිලියන 5.3 ක් විය.[5] ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුව 2015 IPL තරගාවලියේ පමණක් සන්නාම වටිනාකම ₹ බිලියන 11.5 ක් විය.[6]
වත්මන් අයිපීඑල් ශූරයන් වන්නේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමයි. ඔවුන් 2023 තරගාවලිය ජයග්‍රහණය කරන ලදි.[7] සාර්ථකම පිතිකරු විරාත් කෝලි වන අතර සාර්ථකම පන්දු යවන්නා ඩී.ජේ. බ්රාවෝ ය.
අවලංගු වූ කණ්ඩායම් Deccan Charges,Pune Worries India,Rising Pune Super Giants,Gujarat Lions වේ.
ඉන්දියානු ක්‍රිකට් ලීග් තරගාවලිය 2007 වසරේදී ආරම්භ කරන ලද්දේ සී ඉන්ට්ර්ටෙන්මන්ට් එන්ටර්ප්‍රයිසස් විසින් සපයන ලද අරමුදල් මඟිනි.[8] ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෝ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දියානු ක්‍රිකට් ලීග් තරගාවලිය (ICL) පිළිගනු ලැබුවේ නැත. එහි කමිටු සාමාජිකයින්ද ICL විධායක මණ්ඩලය සමඟ සම්බන්ධ වී සිටියේ නැත.[9][10][11]
"මෙය අපේ රටේ ක්‍රීඩාංගන නවීකරණය කිරීමට හොඳ අවස්ථාවක්. එමෙන්ම තරුණ ප්‍රජාව තුළ පවතින දක්ෂතා හඳුනාගැනීමටද හොඳ අවස්ථාවක්."
2007 සැප්තැම්බර් මස 13 වන දින ඉන්දියානු ප්‍රීමියර් ලීග් නමින් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කරන ලදී. නව දිල්ලියේ ඉහළ පෙළේ උත්සවයකදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති ලලිත් මෝදි සිය අදහස පළමුවරට ප්‍රකාශ කළේය. අයිපීඑල් හිටපු ඉන්දීය ක්‍රීඩකයන්ගෙන් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් 7 දෙනෙකුගේ පාලන මණ්ඩලයක් විසින් පාලනය කරන බව අනාවරණය විය. අයිපීඑල් තරගාවලියේ හොඳම කණ්ඩායම් දෙකම එම වර්ෂයේ චැම්පියන්ස් ලීග් විස්සයි20 තරගාවලිය සඳහා සුදුසුකම් ලබාදීමට තීරණය කළේය.[12] තරගාවලියේ ආකෘතිය එංගලන්තයේ ප්‍රීමියර් ලීග් හා එක්සත් ජනපදයේ NBA තරගාවලිය හා සමාන විය.[11]
නව තරගාවලිය සඳහා අයිතිකරුවන් තීරණය කිරීම පිණිස 2008 ජනවාරි 24 වන දින අයිපීඑල් වෙන්දේසිය ඩොලර් මිලියන 400 ක් පමණ වූ මුලික මිල ගණන් යටතේ පවත්වන ලදී.[11] වෙන්දේසිය අවසානයේදී ජයග්‍රාහක ලංසුකරුවන් නිවේදනය කරන ලදී, එමෙන්ම එය නගර නියෝජනය කරන කණ්ඩායම් සඳහාද පදනම් වනු ඇත. එම කණ්ඩායම් වන්නේ බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, හයිද්‍රාබාද්, ජායිපූර්, කොල්කටා, මොහාලි, සහ මුම්බායිය.[11] වෙන්දේසිය අවසානයේදී සියලුම කොටස් විකිණීම සඳහා ඩොලර් මිලියන 723.59 ක් වැයවිය.[13]
කණ්ඩායම | නගරය | පලමුවාරය | නායකයා | හිමිකාරීත්වය | ශූරතාව දිනූ වාර ගණන | |
---|---|---|---|---|---|---|
Chennai Super Kings | චෙන්නායි, තමිල්නාඩු ප්‍රාන්තය | 2008 | මහේන්ද්‍ර සිං දෝනි | INDIA CEMENT | 5 | |
Mumbai Indians | මුම්බායි,මහාරාෂ්ට ප්‍රාන්තය | 2008 | රෝහිත් ෂර්මා | මුකේෂ් අම්බානි | 5 | |
Kolkata Knight Riders | කොල්කටා,බටහිර බෙංගාල ප්‍රාන්තය | 2008 | ශ්‍රියාස් අයියර් | ශාරුක් ඛාන් | 2 | |
Gujarat Titans | ගුජරාට් ප්‍රාන්තය | 2021 | හර්ඩික් පාන්ඩයා | 1 | ||
Sun Rises Hydrabad | හයිද්‍රාබාද්,හයිද්‍රාබාද් ප්‍රාන්තය | 2015 | ඒඩින් මාක්රම් | 1 | ||
Rajasthan Royals | රාජස්ථාන් ප්‍රාන්තය | 2008 | සංජු සැම්සන් | 1 | ||
Dilhi Capitals | නව දිල්ලි,නව දිල්ලි ප්‍රාන්තය | 2008 | ඩේවිඩ් වෝනර් | 0 | ||
Lucknow Super Giants | ලක්නව්,උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය | 2021 | ලෝකේෂ් රාහුල් | 0 | ||
Royal Challengers Bangalore | බැංගලෝර්,කර්ණාටක ප්‍රාන්තය | 2008 | ෆෆ් ඩුෆ් ප්ලෙසිස් | 0 | ||
Panjab Kings | පන්ජාබ් ප්‍රාන්තය | 2008 | ශිකර් ධවාන් | 0 | ||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.