ස්වීඩනය
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
ස්වීඩන රාජධානිය උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයේ පිහිටි රටකි. එහි මායිම් බටහිරින් නොර්වේ, ඊසානෙන් ෆින්ලන්තය, දකුණට මායිම් වන්නේ ඩෙන්මාර්ක් ජර්මනිය සහ පෝලන්තය වන අතර නැගෙනහිරින් එස්ටෝනියා, ලැම්බියා, ලිතුවේනියා හා රුසියාව වේ. ස්වීඩනය ඩෙන්මාර්කයට ඔරෙසන්ඩ් තුලින් පාලම් උමගයකින් සම්බන්ධ වේ. වර්ග කි.මී. 450,295 කින් යුරෝපියානු සංගමයේ තුන්වන විශාලතම රටවන අතර ජනගහනය මිලියන 9.2 කි. ස්වීඩනයට අඩු ජනගහණ ඝනත්වයක් තිබෙන අතර එය වර්ග කි.මී. වැසියන් 21 වන අතර රටේ දකුණු ප්‍රදේශයේ ජනගහණ ඝනත්වය වැඩි වන අතර එය නාගරිකව 85% ක් පමණ වේ. නාගරීකරණය සමඟ මෙම සංඛ්‍යාව ඉහල යනු ඇතැයි සැලකේ. අගනුවර වන්නේ ස්ටොක්හෝම් ය. මෙය රටේ විශාලතම නගරය වන අතර නාගරිකව ජනගහනය මිලියන 1.3 කි. ස්ටොක්හෝම් නගරය අවට මිලියන 2ක් පදිංචිව සිටිති. 17 ශතවර්ෂවලදී ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයෙන් පිටත ප්‍රදේශ අහිමිවීම සහ 1809 දී වර්තමානයේ ෆින්ලන්තය වන නැගෙනහිර ස්වීඩනයේ කොටස් රුසියාවට අයත් විය. ස්වීඩනයේ මුලික මැදිහත්වීමෙන් කල අවසන් සටන 1814 වන අතර ස්වීඩනය හමුදාමය තැනකින් නෝර්වේ හට පුද්ගලික සංගමයකට එළඹගත් අතර එය 1905 වර්ෂය තෙක් පැවතුනි. ස්වීඩනය සාමය පැවතුන කාලයේ නොබැදි විදේශිය පනතක් අනුගමනය කල අතර යුධ සමයේ දී මධ්‍යස්ථ රටක් විය. වර්තමානයේ ස්වීඩනය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවකින් හා පාර්ලිමේන්තු පද්ධතියකින් හා ඉහල වර්ධනය වු ආර්ථිකයකින් යුක්තය. ආර්ථික ප්රජාතන්ත්රවාදී සටහනේ එය ලෝකයේ පළමු තැන සිටියි. ස්වීඩනය 1995 ජනවාරි 01 දා සිට යුරෝපානු සංගමයේ සාමාජිකයෙක් වන අතර ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) හි සාමාජිකත්වය ද දරයි.
ආදර්ශ පාඨය | "För Sverige i tiden" "කාලය සමඟ ස්වීඩනය වෙනුවෙන්(For Sweden – With the Times)" | ||
ජාතික ගීය | Du gamla, Du fria Thou ancient, thou free, Kungssången The Song of the King | ||
සිතියම | |||
අගනුවර සහ විශාලම නගරය | ස්ටොක්හෝම් | ||
උතුරු අක්ෂාංශ 59°21′ නැගෙනහිර දේෂාංශ 18°4′ | |||
රාජ්‍ය භාෂාව | ස්වීඩන් භාෂාව | ||
ජන වර්ග | 82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත් | ||
රාජ්‍ය | පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථා රාජාණ්ඩුව | ||
අධිරාජ්‍ය | කාල් XVI ගුස්ටාන් රජු | ||
අගමැති | උල්ෆ් ක්‍රිස්ටසන් | ||
කථානායක | පර් ෆෙස්ර්බර්ජ් | ||
පෞද්ගලික | ජුනි 17, 1397 | ||
වර්ග ප්‍රමාණය | |||
එකතුව | වර්ග කිලෝමීටර 449 964 | ||
වර්ග සැතපුම් 173 745 | |||
ජලය (%) | 8.7 | ||
ජනගහනය | |||
2009 තක්සේරුව | 9 340 682 | ||
ඝනත්වය | වර්ග කිලෝමීටර 20.6 | ||
වර්ග සැතපුම් 53.3 | |||
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව | ||
එකතුව | ඩොලර් 342.682 (බිලියන) | ||
සාමාන්‍ය | ඩොලර් 37 333 | ||
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව | ||
එකතුව | ඩොලර් 478.961 (බිලියන) | ||
සාමාන්‍ය | ඩොලර් 52 180 | ||
ගිනී දර්ශකය(2005) | 50.9 (පහළ) | ||
මානව සංවර්ධන දර්ශකය HDI (2007) | 0.963(ඉතා ඉහළ) | ||
මුදල් | ස්විඩිෂ් ක්රොනා(SEK) | ||
මං තීරුව | දකුණ | ||
අන්තර්ජාල TLD | .se | ||
දුරකථන සංකේත | 46 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.