වයඹ පළාත, ශ්‍රී ලංකාව

From Wikipedia, the free encyclopedia

වයඹ පළාත, ශ්‍රී ලංකාව

වයඹ පළාත යනු ශ්‍රී ලංකාවේ පළාත් 9යෙන් එකකි. මෙම පළාත ස්ථාපිත කර ඇත්තේ ක්‍රි.ව. 1845දීය.

Quick Facts වයඹ පළාතNorth Western Province Wayamba Province, රට ...
වයඹ පළාත
North Western Province
Wayamba Province
පළාත
Thumb
Thumb
Location within Sri Lanka
රටශ්‍රී ලංකාව
සංස්ථාපනය1845
පිළිගැනීම14 නොවැම්බර් 1987
අග නගරයකුරුණෑගල
විශාලම නගරයකුරුණෑගල
ආණ්ඩුව / පරිපාලනය
  ආණ්ඩුකාරවරයාඅමරා පියසීලි රත්නායක
  මහ ඇමතිධර්මසිරි දසනායක
සරිය
  මුළු7,812 කිමී2 (3,016 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය5වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 11.89%)
ජනගහණය(2001)
  මුළු2,169,892
  අනුස්ථිතිය4වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 11.61%)
  ඝණත්වයBad rounding here280/කිමී2 (Bad rounding here720/වර්ග සැත)
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1]
  සම්පූර්ණරුපියල් බිලියන 495
  අනුස්ථිතිය2වන ස්ථානය (සමස්ථයෙන් 10.3%)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
නිල භාෂාසිංහල, දෙමළ
වෙබ් අඩවියpriu.gov.lk
Close

ඉතිහාසය

වයඹ ඉතිහාසය දෙස එබී බලන විට ලංකාද්වීපයේ පැවති අග නගර 04 ක් පිහිටා ඇත්තේ වර්තමානයේ වයඹ පළාත‍ට අයත් ප්‍රදේශයේය.

  1. පරාක්‍රමපුර
  2. දඹදෙනිය
  3. කුරුණෑගල                                          
  4. යාපහුව

පුරාවිද්‍යත්මක ස්ථාන

සෙල් ලිපි

වයඹ පළාතේ ඇති ක්‍රි. පූ. 161-131 කාලයට අයත් තෝනිගල සෙල් ලිපිය පළාතේ ඇති පුරාණතම සෙල් ලිපියකි.

දේශපාලනය

1931 වර්ෂයේ පිහිට වු ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් විය. මෙහිදී රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කිරිම සදහා වයඹ පළාත වෙනුවෙන් මන්ත්‍රී ආසන 04 ක් වෙන් විය. ඉන් පසු 1947 දී සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත පිහිට වු ආණ්ඩු ක්‍රමයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය නායිකාව වු මහ රැජිණ නියෝජනය කිරිම සදහා ආණ්ඩුකාරවරයෙකුට බලය පැවරිණි. මේ යටතේ වයඹ පළාතට මැතිවරණ කොට්ඨාස 10 ක් ලබා දුනි. 1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබිමෙන් පසු 1959 මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරිමේ දී වයඹ පළාත සදහා මැතිවරණ කොට්ඨාස 16ක් ද නැවතත් 1978 එය 21 දක්වා ද වැඩි විණි.

1959 දී බ්‍රිතාන්‍ය සමග වූ ආරක්ෂක ගිවිසුම හා විදේශ සම්බන්ධතා ගිවිසුම අහෝසි කිරිම නිසා බ්‍රිතාන්‍ය නාවික කඳවුරු ඉවත් කිරිම වැදගත් ය. 1972 දී ශ්‍රි ලංකාවේ පළමුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් 1978 දී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ක්‍රියාත්මක විය.

බලය විමධ්‍යගත කිරිමේ ප්‍රථම උත්සාහය ලෙස 1972 වර්ෂයේ හඳුන්වා දුන් දිස්ත්‍රික් අයවැය ක්‍රමය හා දිසා පාලන අධිකාරි ක්‍රමය හැඳින්විය හැකිය. එම දිසා පාලන අධිකාරිය තව දුරටත් ඉදිරියට ගෙනයමින් 1978 දී දිස්ත්‍රික් අමාත්‍යවරු පත් කළේය. ඒ අනුව දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවනු ලැබීය. මෙහි නියෝජිතයන් මහජන ජන්දයෙත් තෝරා ගන්නා ලදී. 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේ 13 වන වරට කරන ලද සංශෝධනයෙන් පළාත් සභා පිහිටුවන ලද්දේය. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයෙකු පත් කිරිම සිදු වු අතර වයඹ පළාත් සභාව සදහා මහජන නියෝජිතයන් 52 කින් යුත් සභාවක් 1988 දී පිහිටු විය. එහි ප්‍රථම ආණ්ඩුකාරවරයා වුයේ ඩී.බී.විජේතුංග මහතාය. ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පත් විය.ඉන්පසු යු.එම්.ප්‍රේමචන්ද්‍ර,ආර්.එම්.ආර්.නිමල් බංඩාර, එස්.බී.නාවින්න අතුල විජේසිංහ,දයාසිරි ජයසේකර යන මන්ත්‍රිවරුන් පිළිවෙලින් වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය හොබවනු ලැබීය. නුතනයේ වයඹ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායක මහතා කටයුතු කරයි. පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයෙකු සිටින අතර කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක දෙක සඳහා මධ්‍යම රජයට සම්බන්ධ දිස්ත්‍රික් ලේකම්වරු දෙදෙනෙකු සිටිති.

මේවාද බලන්න

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.