ඉන්දියානු චිත්‍රපට සම්මානය From Wikipedia, the free encyclopedia
හොඳම කාන්තා ප්රවිෂ්ටය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය (මින් පෙර හැඳින්වූයේ "ලක්ස් වසරේ නවක මුහුණ සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය" ලෙසයි) යනු ෆිල්ම්ෆෙයාර් වෙතින් එහි වාර්ෂික හින්දි චිත්‍රපට ඇගයීමේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ අංගයක් ලෙස පළමු රංගනයෙහි විශිෂ්ට නිළියන් අගයනු වස් පිරිනැමෙන සම්මානයකි.[1]
හොඳම කාන්තා ප්රවිෂ්ටය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය | |
---|---|
සම්මාන පිරිනමන්නේ | Best Debut Performance by an Actress |
රට | ඉන්දියාව |
ඉදිරිපත් කරන්නේ | ෆිල්ම්ෆෙයාර් |
පළමුව සම්මාන පිදූයේ | ජූහි චව්ලා කයාමත් සේ කයාමත් තක් (1989) |
Currently held by | අනන්‍යා පාණ්ඩේ ස්ටූඩන්ට් ඔෆ් දි ඉයර් 2 (2020) |
වෙබ්අඩවිය | Filmfare winners |
2019 වන විට, ප්‍රියංකා චොප්රා සහ පරිනීති චොප්රා යන නිළියන් දෙපළ මෙම සම්මානය ලබාගත් එකම ඥාති සොයුරියන් දෙපළ වූ අතර, මෙම සම්මානය ලද සාරා අලි ඛාන් සහ අභිමන්යු දසානි යන නළු නිළි දෙපළගේ දෙමාපියන් (පිළිවෙලින් සයිෆ් අලි ඛාන් සහ භාග්‍යශ්‍රී) ද ෆිල්ම්ෆෙයාර් රංගන ප්‍රවිෂ්ට සම්මානලාභීන් වීම විශේෂත්වයකි.
මෙම සම්මාන ලාභී නිළියන් අතුරින් ජූහි චව්ලා, ප්‍රීටි සින්ටා, කරීනා කපූර්, ප්‍රියංකා චොප්රා, විද්‍යා බාලන්, කංගනා රාණාවත් සහ දීපිකා පඩුකෝන් යන සියලුදෙනා හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය ලබා ඇති අතර, ඉන් බාලන් එම සම්මානය සිව්වරක් ද පඩුකෝන් දෙවරක් ද දිනා ඇත.
තබූ, කරීනා කපූර්, ප්‍රියංකා චොප්රා, සහ කංගනා රාණාවත් යන නිළියන් හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය (තබූ 4 වරක් සහ කපූර් 2 වරක්) සහ හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය ජයග්‍රහණය කොට ඇත. නමුත් විද්‍යා බාලන් මින් පළමුව සඳහන් කළ සම්මානය එක් වරක් ජයග්‍රහණය කොට තිබේ.
1997, 2010 සහ 2018 යන වර්ෂවල මෙම ප්‍රවර්ගය සඳහා සම්මාන ප්රදානය නොකෙරිණි.
වර්ෂය | ජයග්‍රාහිකාව | සම්මාන ලැබූ කෘතිය | සටහන් | ආශ්‍රේ. |
---|---|---|---|---|
1989 | ජූහි චව්ලා | කයාමත් සේ කයාමත් තක් | පළමු ජයග්‍රාහිකාවයි | [2] |
1990 | භාග්‍යශ්‍රී | මේනේ ප්යාර් කියා | ||
1991 | පූජා භාට් | ඩැඩී | ||
1992 | රවීනා ටන්ඩන් | පට්ඨර් කේ ඵූල් | [3] | |
1993 | දිව්‍යා භාර්තී | දීවානා | ||
1994 | මම්තා කුල්කර්ණී | ආශික් අවාරා | ||
1995 | සෝනාලි බේන්ද්‍රේ තබූ | නාරාස් විජයිපත් | ජයග්‍රාහිකාවන් 2, බේන්ද්‍රේ සහ තබූ | [4] |
1996 | ට්වින්කල් ඛන්නා | බර්සාත් | [5] | |
1998 | මහිමා චෞධරී | පර්දේස් | ||
1999 | ප්‍රීටි සින්ටා | දිල් සේ.. සහ සෝල්ජර් | [6] [7] | |
2000 | නන්දිතා දාස් | 1947 අර්ත් | ||
2001 | කරීනා කපූර් | රිෆියුජී | [8][9] | |
2002 | බිපාශා බාසු | Ajnabee | ||
2003 | ඊශා ඩියොල් | කොයි මේරේ දිල් සේ පූඡේ | [10] | |
2004 | ලාරා දත්තා ප්‍රියංකා චොප්රා | අන්දාස් | දත්තා සහ චොප්රා දෙදෙනාම එකම චිත්‍රපටය උදෙසා සම්මාන ලැබූහ | [12] [13] |
2005 | අයේෂා ටාකියා | ටාර්සන්: ද වොන්ඩර් කාර් | ||
2006 | විද්‍යා බාලන් | පරිණීතා | [14] | |
2007 | කංගනා රාණාවත් | ගැංග්ස්ටර් | ||
2008 | දීපිකා පඩුකෝන් | ඕම් ශාන්ති ඕම් | ||
2009 | අසින් තොට්ටුම්කල් | ඝජිනි | ||
2011 | සෝනක්ෂි සිංහා | දබාන්ග් | ||
2012 | පරිනීති චොප්රා | ලේඩීස් වර්සස් රිකී බාහ්ල් | ||
2013 | ඉලියානා ඩි'කෲස් | බර්ෆි! | ||
2014 | වානි කපූර් | ශුද්ධ දේසි රෝමන්ස් | ||
2015 | කෘතී සනෝන් | හීරෝපන්ටි | ||
2016 | භූමී පේඩ්නේකර් | ඩම් ලගා කේ හඊශා | [15] | |
2017 | රිතිකා සිං | Saala Khadoos | ||
2019 | සාරා අලි ඛාන් | කේදර්නාත් | [16] | |
2020 | අනන්‍යා පාණ්ඩේ | ස්ටූඩන්ට් ඔෆ් දි ඉයර් 2 | [17] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.