සමන්ගල ආරණ්‍ය සේනාසනය
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
සමන්ගල ආරණ්‍ය සේනාසනය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර පිහිටි එෙතිහාසික බෞද්ධ ලෙන් විහාරයක් වේ. අම්පාර-මහඔය ප්‍රධාන මාර්ගයෙහි කොහොඹාන හන්දියට බටහිර දෙසින් පිහිටා ඇති විහාරය අම්පාර නගරයේ සිට කිලෝමීටර 23ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2014 වර්ෂයේ ඔක්තෝම්බර් 10වන දිනදී රජයේ ගැසට් අංක 1884 යටතේ සිදුකොට තිබේ.[1]
සමන්ගල ආරණ්‍ය සේනාසනය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | සමන්ගල, අම්පාර, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 07°24′39.5″N 81°34′52.3″E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | අම්පාර |
පළාත | නැගෙනහිර පළාත |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය (10 ඔක්තෝම්බර් 2014) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
ගෘහනිර්මාණ ශෛලිය | ලෙන් විහාර |
සමන්ගල විහාර සංකීර්ණය අනුරාධපුරයේ සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) විසින් ඉදිකරන ලද්දක් ලෙස විශ්වාස කෙරේ.[2] මෑතකාලීන ඉතිහාසයේදී මෙම පුදබිම හා ආශ්රිත ප්‍රදේශය, දෙමල කොටි බෙදුම්වාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනයාගෙන් ඈත්ව පැවතිණි.[2] ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසාන වීමත් සමග, සමන්ගල විහාරය නැවත වරක් ජනයාට විවෘත විය. පූර්ව බ්රාහ්මී ලෙන් ලිපි රාශියක් සමන්ගල පර්වතයේ නැගෙනහිර බෑවුම් කොටසෙහි සොයාගෙන තිබෙන අතර[3] ඉන් එක් ලෙනක වූ අභිලිඛිත සටහනකින් ඉන්දියාවේ සාංචි ස්තූපයට සමාන ස්තූප රුවක් හඳුනාගෙන තිබේ.[3][4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.