From Wikipedia, the free encyclopedia
සත්මහල් ප්රාසාදය ශ්රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරය තුල දළදා මළුවෙහි ගල් පොත ආසන්නයේ ඉදි කොට ඇති මීටර 9ක් පමණ උස් වූ පැරණි ඉදිකිරීමක් වේ.[1] සාම්ප්රදායිකව සත්මහල් ප්රාසාදය ලෙස හැඳින්වූවද මෙහි පැරණි නාමය හෝ අනෙකුත් විස්තර අවිනිශ්චිත වේ. මහා පරාක්රමබාහු රජු (ක්රි.ව. 1153-1186), විසින් පොළොන්නරුවේ සත්මහල් ප්රාසාදයක් කරවූ බවට මහාවංශයේ සඳහන්ව ඇතත්, මෙම ගොඩනැගිල්ල එය බැව් විශ්වාස කිරීම අපහසු බැව් පැවසෙයි.
ඉහළට නැගෙන විට පියවරෙන් පියවර කුඩාවන සේ චතුරස්රාකාර හැඩයෙන් මහල් හතක් වන සේ ඉදිකොට ඇති මෙම ඉදිකිරීම මෙරට විරල ඝණයේ සතූපයක් විය හැකි බව විශ්වාස කෙරේ. සත්මහල් ප්රාසාදය හැරුණු විට මෙම විශේෂිත ආකාරයේ ඉදිකිරීම් ත්රිත්වයක් අනුරාධපුර අභයගිරි විහාරයේ හා නඛා වෙහෙරහීදී දැකගත හැකිවේ. තායිලන්තයේ ලම්න්හ වාත් කුකුත් විහාරයේ ස්තූපයටද මෙය සමානකමක් දක්වයි. අග්නිදිග ආසියාතික රටවල වාස්තු ලක්ෂණ මෙම ගොඩනැගිල්ලෙහි දැකගත හැකි වේ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.