නඛා වෙහෙර යනු ශ්‍රී ලංකාවේ අනුරාධපුර පිහිටි බෞද්ධ ස්තූපයක් වේ. මෙය අනුරාධපුර යුගයේ අගභාගයට, එනම් ක්‍රි.ව. 7-10 සියවස් වලට අයත් මහායාන ස්තූපයක් යැයි විශ්වාස කෙරේ.[1] ගඩොලින් නිර්මාණය කොට ඇති ස්තූපයෙහි සුවිශේෂීත්වය වනුයේ කේතුකාකාර හැඩයකින් යුක්තව ඉදිකර තිබීමයි. නඛා වෙහෙර හැරුණු විට මෙම විශේෂිත ආකාරයේ ඉදිකිරීම් ද්විත්වයක් අනුරාධපුර අභයගිරි විහාරයේදී හා පොළොන්නරුව සත්මහල් ප්‍රාසාදයහී දැකගත හැකිවේ. නඛා වෙහෙර හැරුණු විට ඒ ආසන්නයේම ප්‍රථිමා ගෘහයක් සේ සැළකෙන ගොඩනැගිල්ලක් හා තවත් ගොඩනැගිලි කිහිපයක් වේ.

අනුරාධපුර සංඝමිත්තා මාවත ඔස්සේ කුට්ටම් පොකුණ හරහා ගල්පාලම දෙසට දිවෙන මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් පසුව, දකුණු පසට ඇති අතුරු මාර්ගයක ස්වල්ප දුරක් ගමන් කිරීමෙන් මෙම “නඛා වෙහෙර” පුරාවිද්‍යා ස්ථානය හමුවේ.නඛා  යන්නෙන් නිය යන්න අර්ථවත් වේ(මතයක් පමණි).මෙනිසා මෙහි ගෞතම බුදුන් වහන්සේගේ නිය ධාතුව තැන්පත් කර ඇතැයි සැලකේ.මහසෙන් රජතුමා නිර්මාණය කළ බව වංශ කතාවල සඳහන් වනවා.තරමක් කැලෑබද ස්ථානයක පිහිටා ඇති බැවින් මෙය අනුරාධපුර වන්දනාකරුවන්ගෙන් දුරස්ව පවතී.

මේවාද බලන්න

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.