සංගීතා වීරරත්න
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
සංගීතා වීරරත්න (1973 දෙසැම්බර් 13) ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය, සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. වයස අවුරුදු 16දී, එනම් 1990 වසරේදී ඇය රෝයි ද සිල්වා මහතාගේ ඉට්'ස් අ මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටියේ රඟපාමින් මුල්ම වරට ශ්‍රී ලාංකික රිදී තිරයට පිවිසුනාය. පසුව 1993 වසරේදී කමල් අද්දරාරච්චි සමග රඟපෑ එච්. ඩී. ප්‍රේමරත්න මහතාගේ සප්ත කන්‍යා චිත්‍රපටියෙන්, සංගීතා මෙරට සිනමා ක්ෂේත්රය තුල ඉමහත් සාර්ථකත්වයක් හිමිකරගත්තාය. වර්ථමානය වන විටදී, චිත්‍රපටි 50 කට වඩා සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙන සංගීතා, ලාංකික සිනමා ක්ෂේත්රයේ කැපී පෙනෙන චරිතයක් ලෙස හැඳින්විය හැක.
සංගීතා වීරරත්න Sangeetha Weeraratne | |
---|---|
උපත | දෙසැම්බර් 13, 1973 |
සක්‍රීය වසර | 1990–වර්ථමානය තෙක් |
කලත්‍රයා(යන්) | රොෂාන්ත කාරියප්පෙරුම |
සම්මාන | සරසවිය හොඳම නිළිය සම්මානය (2001) සහ සරසවිය ජනප්‍රියතම නිළිය සම්මානය (2001–2003, 2006) |
මෙරට චිත්‍රපටි කලාකරුවෙකු වූ තිමති වීරරත්න මහතාට දාව, පවුලේ දෙවන දියණිය ලෙස සංගීතා උපන්නාය. ඇය සිය මූලික අධ්‍යාපන කටයුතු පානදුර ශාන්ත ජෝන් පාසලෙන්ද, ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ වැස්ලියන් විද්‍යාලයෙන්ද හැදෑරුවාය.
2002 වසරේදී ඇය, ව්‍යාපාරිකයෙක් වූ රොෂාන්ත කාරියප්පෙරුම මහතා (සියත ටීවී හිමිකරු) සමග විවාහ වූවාය.[1]
1991 වසරේදී රෝයි ද සිල්වා මහතාගේ ඉට්'ස් අ මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටියේ රඟපාමින් සංගීතා මෙරට සිනමා ක්ෂේත්රය තුල මුල් වරට පා තැබුවාය. ශ්‍රී ලංකා සිනමාව තුල එකල බැබලෙමින් සිටි ජනප්‍රිය තාරකාවන් වූ, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, සහ ගාමිණී ෆොන්සේකා වැනි දැවැන්තයින් සමග රංගනයේ යෙදීමේ අවස්ථාවද, එහිදී ඇයට හිමිවිය.
2001 වසරේ තිරගත වූ, බෙනට් රත්නායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද අස්වැසුම චිත්‍රපටියේ සිදුකල විශිෂ්ඨ රංගනය හේතුවෙන්, එම වසරේ සරසවිය සම්මාන උළෙලේදී හොඳම නිලිය සම්මානය සම්මානය දිනාගැනීමට සංගීතාට හැකිවිය. එම සම්මාන උළෙලේම 2001 සිට 2003 වසර දක්වා ජනප්‍රියම නිලිය සම්මානය හිමිකරගත්තේද ඇයයි. ඇගේ රංගන දිවියේ වැදගත්ම චිත්‍රපටි ලෙස සප්ත කන්‍යා, නොමියෙන මිනිසුන්, මාරුතය, දුවට මවක මිස, දොරකඩ මාරාව, කිණිහිරියා මල්, අස්වැසුම, සළෙලු වරම සහ ධීවරී යන චිත්‍රපට හැඳින්විය හැක.[2]
මීට අමතරව 2006 වසරේ තිරගත වූ වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කල, සෙව්වන්දි චිත්‍රපටිය නිෂ්පාදනය කලේ සංගීතා මහත්මියයි.
වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය |
---|---|---|
2013 | දෝණී | වී.සිවදාසන් |
2007 | උප්පලවන්නා | සුනිල් ආරියරත්න |
2007 | සංක්‍රාන්ති | අනුරුද්ධ ජයසිංහ |
2006 | සෙව්වන්දි | වසන්ත ඔබේසේකර |
2006 | නිලම්බරේ | කැලුම් පාලිත මහීරත්න |
2005 | ගරිල්ලා මාකටින් | ජයන්ත චන්ද්‍රසිරි |
2004 | මිල්ලෙ සොයා | විෂ්වනාත් බුද්ධික කීර්තිසේන |
2003 | සැපට දුකට සනී | රෝයි ද සිල්වා |
2002 | සළෙලු වරම | වසන්ත ඔබේසේකර |
2002 | ලව් 2002 | රෝයි ද සිල්වා |
2002 | ඔන්න බබෝ | දිනේෂ් ප්‍රියසාද් |
2001 | අස්වැසුම | බෙනට් රත්නායක |
2001 | ජොන්සන් ඇන්ඩ් ගොන්සන් | රෝයි ද සිල්වා |
2001 | කිණිහිරියා මල් | එච්. ඩී. ප්‍රේමරත්න |
2000 | රෑ දනියෙල් දවල් මිගෙල් 2 | රෝයි ද සිල්වා |
2000 | උණ්ඩය | කේ. ඒ. ඩබ්. පෙරේරා |
1999 | අයදිමි සමා | හේමසිරි සෙල්ලප්පෙරුම |
1999 | බහු භාර්යා | උදයකාන්ත වර්ණසූරිය |
1999 | පවුරු වළලු | ප්‍රසන්න විතානගේ |
1998 | දොරකඩ මාරාව | වසන්ත ඔබේසේකර |
1998 | සතුයි කිරුළ අපේ | සුනිල් සෝම පීරිස් |
1998 | රෑ දනියෙල් දවල් මිගෙල් | රෝයි ද සිල්වා |
1997 | නින්ජා ශ්‍රී ලංකා | රොබින් ප්‍රනාන්දු |
1997 | මහමෙර උසට | උදයකාන්ත වර්ණසූරිය |
1997 | සූරයෝ වැඩකාරයෝ | හේමසිරි සෙල්ලප්පෙරුම |
1997 | පුතුනි මට වාසනා | සුනිල් සෝම පීරිස් |
1997 | දුවට මවක මිස | සුමිත්‍රා පීරිස් |
1996 | හිත හොඳනම් වරදින්නේ නෑ | ඩබ්. රංජිත් පෙරේරා |
1996 | නරලොව හොල්මන් | දිනේෂ් ප්‍රියසාද් |
1996 | රත්තරන් මල්ලි | සුනිල් සෝම පීරිස් |
1996 | බොඩි ගාර්ඩ් | උපාලි පියරත්න |
1995 | චණ්ඩියගෙ පුතා | සුනිල් සෝම පීරිස් |
1995 | මාරුතය | වසන්ත ඔබේසේකර |
1995 | වාසනා වේවා | සුනිල් සෝම පීරිස් |
1994 | අරගලය | ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු |
1994 | රජ වන්සෙන් එකෙක් | හේමසිරි සෙල්ලප්පෙරුම |
1994 | නොමියෙන මිනිසුන් | ගාමිණී ෆොන්සේකා |
1994 | ලඳුනි ඔබ දෙවඟනකි | ජයන්ත දාස් පෙරේරා |
1993 | ලස්සනයි බලන්න | සුනිල් සෝම පීරිස් |
1993 | සප්ත කන්‍යා | එච්. ඩී. ප්‍රේමරත්න |
1993 | යසස | ආනන්ද වික්‍රමසිංහ |
1991 | ඉට්'ස් අ මැටර් ඔෆ් ටයිම් | රෝයි ද සිල්වා |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.