රාම
විෂ්ණු දෙවියන්ගේ 7 වන අවතාරය From Wikipedia, the free encyclopedia
විෂ්ණු දෙවියන්ගේ 7 වන අවතාරය From Wikipedia, the free encyclopedia
රාම (සංස්කෘත:राम) යනු හින්දු ආගමේ උත්තරීතර දෙවියන් වන ශ්‍රී කෘෂ්ණ දෙවිඳුන්ගේම ප්‍රතිරූපයකි. විෂ්ණු දෙවිඳුන්ගේ 7වන අවතාරය ලෙස සැලකෙන එතුමා රාවණා රජු සංහාරය කිරීම සඳහා මනු ලොව ප්‍රකට විය. කෘෂ්ණ අවතාරයට පසුව වඩාත් ප්‍රචලිත මෙන්ම රාමායණය තුළ ප්‍රධාන චරිතය වන්නේද එතුමාය. ජෛන ලියවිලි වලද ශලාකපුරුෂයන් 63 දෙනාගෙන් අටවන බලභද්‍ර ලෙස රාම කුමරුන් සඳහන් කර ඇත.[4][5][6]
රාම (රාමචන්ද්‍ර) | |
---|---|
විෂ්ණු දෙවියන්ගේ සත්වන අවතාරය, යහපත රැකීම, ධර්මය ස්ථාපනය.[1][2] | |
අනුබැඳිය | බ්‍රහ්මන් (වෛෂ්ණව ආගම), ත්‍රීමූර්ති, දේව, ත්‍රිදේව් |
වාසභවනය | අයෝධ්‍යා, සාකෙත ලෝකය |
ආයුධය | දුන්න |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයන් | සීතා දේවිය |
දෙමාපියන් |
|
උත්සව | රාම් නවාමි, දුශේරා[3] |
රාම කුමරු උපත ලැබුවේ කෝසල රාජධානියේ පාලකයා වූ අයෝධ්‍යාවේ කෞශල්‍යා සහ සූර්ය වංශී දශරතට දාවය. ඔහුගේ සොහොයුරන් වන්නේ ලක්ෂ්මණ, භරත සහ ශතෘගණයි. පතිනිය සීතා දේවියයි. රාජකීය පවුලක උපත ලැබූ ඔවුන්ගේ ජීවිතය හින්දු ග්‍රන්ථවල විස්තර කර ඇත්තේ දුගී හා දුෂ්කර තත්වයන්ට පත් වීම, පිටුවහල් කිරීම, සදාචාරාත්මක ප්‍රශ්න සහ සදාචාරාත්මක උභතෝකෝටික වැනි අනපේක්ෂිත වෙනස්කම් මගින් අභියෝගයට ලක් වූ එකක් ලෙස ය.[7] ඔවුන්ගේ සියලු දුක් කම්කටොලු අතරින් වඩාත්ම කැපී පෙනෙන කාරණය නම් සීතා රාවණ නම් රාක්ෂස රජු විසින් පැහැරගෙන යාමයි. ඉන්පසු රාම සහ ලක්ෂ්මන් විසින් ඇයව නිදහස් කරගැනීමත්, කුරිරු රාවණ විනාශ කිරීමෙත් දැඩි අධිෂ්ඨානය පිළිබඳව රාමායණය තුළ විස්තර කරයි. රාම, සීතා සහ ඔවුන්ගේ සගයන්ගේ සමස්ත ජීවිත කතාවම පුද්ගලයෙකුගේ යුතුකම්, අයිතිවාසිකම් සහ සමාජ වගකීම් ගැන උපමානුසාරයෙන් කතා කරයි.
හින්දු ධර්මයේ වෛෂ්ණව නිකාය තුල රාමචන්ද්‍ර චරිතය වැදගත් ස්ථානයක් ලබා ගනී. දකුණු ආසියාව තුල ඉතා ප්‍රචලිත වීර කාව්‍යක් වන රාමායණය තුළ එන මුඛය චරිතයයි. රාමචන්ද්‍රගේ ජිවිත කතාව භාශා අලංකාර විවරණ සහ සාහිත්‍ය අතින් ඉතා උත්කෘෂ්ට ස්ථානයක් අත් කරගනි. [8][9][10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.