මදුරෛ නායක් රාජවංශයේ අවසන් පාලකයා From Wikipedia, the free encyclopedia
මීනාක්ෂි (රාජ්‍ය. 1731–1736) යනුවෙන් හැඳින්වෙන්නේ මදුරෛ නායක් රාජවංශයේ අවසන් පාලකයායි. ඇය මංගම්මාල් රැජිනගේ මිණිපිරි-ලේලිය වූවා ය.[1][2]
මදුරෛ නායක් රාජවංශයේ රජවරු සහ රාජ්‍යාධිකාරී රැජිනියෝ | |
---|---|
තමිල් නාඩුවේ ඉතිහාසය පිළිබඳ ලිපි මාලාවේ කොටසකි | |
මදුරෛ නායක් පාලකයින් | |
විශ්වනාථ නායක් | 1529–1563 |
කුමාර ක්‍රිෂ්ණප්පා නායක් | 1563–1573 |
හවුල් පාලකයින් සමූහය I | 1573–1595 |
හවුල් පාලකයින් සමූහය II | 1595–1602 |
මුත්තු ක්‍රිෂ්ණප්පා නායක් | 1602–1609 |
මුත්තු වීරප්පා නායක් | 1609–1623 |
තිරුමලෛ නායක් | 1623–1659 |
මුතු අලකාඩ්රි නායක් | 1659–1662 |
චොක්කනාථ නායක් | 1662–1682 |
රංගක්‍රිෂ්ණා මුතු වීරප්පා නායක් | 1682–1689 |
මංගම්මාල් රැජින‡ | 1689–1704 |
විජය රංග චොක්කනාථ නායක් | 1704–1731 |
මීනාක්ෂි රැජින‡ | 1731–1736 |
‡ රාජ්‍යාධීකාරී රැජිනියන් | |
අගනුවරවල් | |
මදුරෛ | 1529–1616 |
තිරුචිරපල්ලි | 1616–1634 |
මදුරෛ | 1634–1665 |
තිරුචිරපල්ලි | 1665–1736 |
ප්‍රධාන බලකොටු | |
මදුරෛ 72 අට්ටාල බලකොටුව | |
තිරුචිරපල්ලි ගල් බලකොටුව | |
ඩින්ඩිගුල් බලකොටුව | |
තිරුනෙල්වෙල්ලි බලකොටුව | |
වෙනත් යුධ බලකොටු | |
නාමක්කාල් බලකොටුව | |
සංකගිරි බලකොටුව | |
අතූර් බලකොටුව | |
මාලිගා | |
තිරුමලෛ නායක් මහල්, මදුරෛ | |
චොක්කනාථ නායක් මාලිගය හෙවත් දර්බාර් ශාලාව, තිරුචිරපල්ලි | |
රාණි මංගම්මාල් තමුක්කම් මාලිගය, මදුරෛ | |
1731දී විජය රංග චෝක්කනාථ මියයාමත් සමග, ඔහුගේ වැන්දඹුව වූ මීනාක්ෂි සිහසුනට පත්වූ අතර, ඇය සිය මියගිය සැමියාගේ උරුමකරු යැයි නම් කළ හදාගත් ලාබාල පුත්‍රයා වෙනුවෙන් රාජ්‍යාධිකාරිණිය ලෙස රාජ්‍ය පාලනය කළා ය. නමුත් රැජින වසරක් හෝ දෙකක් රාජ්‍ය පාලනය කරන විට ඇගේ හදාගත් පුත්‍රයාගේ පියා වූ වෙන්ගාරු තිරුමලා ඇයට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවී ය. ඔහු පවසන්නට වූයේ මදුරෛ සිහසුනට තමන්ට ද උරුමයක් ඇති බවයි. මේ අවස්ථාවේ මූඝල්වරුන්ගේ නියෝජිතයන් පැමිණි අතර, ඔවුහු මෙම රංගලයේ වාසිය තමන්ට හිමි කරගැනීමට උත්සාහ දැරූහ.
1693 සිට, මදුරෛ නාමිකව මූඝල් අධිරාජ ඖරංෂෙබ්ගේ යටත් රාජ්‍යයක් ලෙස පැවතිණි. 1698 සිට කොලෙරූන් (කොල්ලිදම්) ගංගාවට උතුරින් වූ කර්ණාටික ප්‍රදේශය ඍජු මූඝල් පාලනය යටතේ විය. මූඝල් අධිරාජ මුහම්මද් ෂාගේ ප්‍රාදේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කළේ අර්කොට්හි නවාබ්වරයා විසිනි. එසේම න්‍යායිකව මූඝල් අධිරාජයාගේ යටත්වැසියුක ලෙස සැලකුණු, නවාබ්වරුන්ගේ ප්‍රධානියා වූ හයිදරාබාද්හි නිසාම්ට ද මධ්‍යස්ථ බලයක් පැවතිණි.
තන්ජෝරයේ සහ මදුරාවේ රජවරුන් සිය පඬුරු කප්පම් කෙතරම් ක්‍රමානුකූලව ගෙවූයේ ද යන්න පැහැදිළි නැත. නමුත් 1734දී— එනම් මීනාක්ෂි සහ වංගාරු තිරුමලා අතර සිහසුන වෙනුවෙන් අරගලයක් පැවති සමයේ— අර්කොට්හි නවාබ්වරයා දකුණෙහි රාජධානිවල පක්ෂපාතීත්වය සහ පඬුරු කප්පම් රැස්කරගැනීමට ගවේශනයක් දියත් කළේ ය. මෙම ගවේශනයට දායක වූ නායකයින් වූයේ නවාබ්ගේ පුත්‍රයා වූ සෆ්දාර් අලි ඛාන් සහ ඔහුගේ බෑනා මෙන්ම විශ්වාසවන්ත උපදේශකයා ද වූ සුප්‍රකට චන්දා සහීබ් ය.
මෙම කණ්ඩායම තන්ජෝරයට කඩාවැදුණු අතර ත්‍රිචිනොපොලි බලකොටුව වෙත ගමන් කළේ නැත. අනතුරුව මදුරේ සහ තිනෙවෙල්ලි ඔස්සේ ට්රැවන්කෝරය දක්වා ප්‍රදේශවල ධනය ලබාගත්තේ ය. නැවත පැමිණීමේ දී ඔවුහු මීනාක්ෂි සහ වෙංගාරු තිරුමලාගේ අරගලයට මැදිහත් වූහ. තිරුමාලා, සෆ්දාර් අලි ඛාන් වෙත පැමිණ රුපියල් මිලියන තුනක මුදලක් ලබාදී ඉල්ලා සිටියේ රැජිනව ධුරයෙන් නෙරපා තමන්ට සිහසුන ලබාගැනීමට උපකාර කරන ලෙසයි. අනතුරුව පිටත්ව ගිය ඔහු සිය සිය කාර්යය ක්‍රියාත්මක කිරීමට චන්දා සහීබ්ව එහි තබාගියේ ය. මෙම අවස්ථාව පිළිබඳ විමසිල්ලෙන් පසුවූ රැජින මෙම නම්‍යශීලී දේශපාලනඥයාට ඇය සමග රුපියල් කෝටියක (මිලියන දහයකට) පොරොන්දුව පිට සිහසුනට ඇති සිය අයිතිය සුරක්ෂිත කොටදෙන මෙන් ඉල්ලා සිටියා ය.
මීනාක්ෂි රැජිනට මෙම ගිවිසුමේ දී චන්දා සහීබ් පක්ෂපාතීව කටයුතු කරනු තහුවරු කරගැනීමට කුරානය මත දිව්රනු දැකීමට අවශ්‍ය විය. ඒ අනුව ඔහු සිය සිපෝයිවරුන් සහ සොවාර්වරුන් ඉදිරියේ ප්‍රතිඥා දුන්නේ ය. ඔහුව ත්‍රිචිනොපොලි බලකොටුව වෙත පිටත් කරහැරිණි. මේ අතර රැජිනගේ හොඳ හිත දිනාගන්නා වෙංගාරු තිරුමලා තමන්ට අනතුරක් නොමැති බව සිතා මදුරෛ වෙත පැමිණෙන්නේ එම රාජ්‍යය සහ තින්නෙවෙල්ලි පාලනය කිරීම පිණිසයි.
රුපියල් කෝටියේ මුදල ලබාගත් චන්දා සහීබ් අර්කොට් වෙත පිටත්ව ගියේ ය. වසර දෙකකට පසු, 1736දී ඔහු යළි පැමිණි අතර, නැවත බලකොටුව වෙත අනුයුක්ත කෙරිණි. ඔහු මෙම රාජධානියේ අධිපතියා වීමට සැලසුම් කළේ ය.
ක්‍රමිකව චන්දා සහීබ් දකුණ පාලනය කරමින් සිටි වෙංගාරු තිරුමලාට එරෙහිව සටන්වැදුණේ ය. අම්මායා නායක්කනුර් සහ දින්දිගුල්හි දී තිරුමලාව පරාජය කරන ලදී. තිරුමලා සිවගංගාහි ආරක්ෂාව පතා පලාගියේ ය. චන්දා සහීබ් මදුරෛ රාජධානියේ දකුණුදිග ප්‍රදේශ යටත්කර ගත්තේ ය. මෙලෙසින් මෙම සම්පූර්ණ ප්‍රදේශයේම අධිපතියා බවට පක් ඔහු මූඝල් අධිරාජ අහමද් ෂා බහදූර් වෙත ලිපියක් ලියමින් තමන් තින්නෙවෙල්ලියේ නවාබ් ලෙස ප්‍රකාශ කළේ ය. පසුව ඔහු කර්ණාටික්හි නවාබ් ලෙස ද තමන්ව ප්‍රකාශයට පත් කරගත්තේ ය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.