ඊජිප්තුවේ රැජින From Wikipedia, the free encyclopedia
බෙරෙනිස් IV එපිෆේනියා (ග්‍රීක: Βερενίκη; ක්‍රි.පූ. 77–55) යනු ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපත ලැබූ සහ මරණයට පත්වූ ටොලමියානු රාජවංශයේ ග්‍රීක කුමරියකි.
බෙරෙනිස් IV | |||||
---|---|---|---|---|---|
ඊජිප්තුවේ රැජින | |||||
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 58–55 | ||||
අනුප්‍රාප්තිකයා | ටොලමි XII ඕලීට්ස් | ||||
උපත | ක්‍රි.පූ. 77 ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව | ||||
මරණය | ක්‍රි.පූ. 55 ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව | ||||
භූමදානය | ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව | ||||
වල්ලභයා | සෙලියුකස් VII කයිබියෝසැක්ටෙස් ආර්චෙලෝස් | ||||
| |||||
වංශය | ටොලමියානු රාජවංශය | ||||
පියා | ටොලමි XII ඕලීට්ස් | ||||
මව | ඊජිප්තුවේ Vවන ක්ලියෝපැට්රා |
බෙරෙනිස් යනු ටොලමි XII ඕලීට්ස් සහ බොහෝවිට ක්ලියෝපැට්රා V ට්රිෆේනාගේ දියණියයි. ඇය සුප්‍රකට VIIවන ක්ලියෝපැට්රා (රෝම සෙන්පතීන් වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනිගේ පෙම්වතිය) රැජින, IVවන ආර්සිනෝයි, XIIIවන ටොලමි සහ XIVවන ටොලමි යන අයගේ සොහොයුරිය ද වේ. ක්‍රි.පූ. 58දී, XIIවන ටොලමි සහ VIIවන ක්ලියෝපැට්රා රෝමය වෙත පලාගියේ අතිශයින් බලවත්ව සිටි බෙරෙනිස්ගේ වැඩිමහල් සොයුරිය වූ ක්ලියෝපැට්රා VI ට්රිෆේනාට එරෙහිව දේශපාලනික සහ යුධ ආධාර ලබාගනු පිණිසයි. ක්‍රි.පූ. 57දී ට්‍රිෆේනා මියගිය පසු (බෙරෙනිස් විසින් වස ලබාදුන්නා විය හැක), 20වන වියේ පසුවූ බෙරෙනිස් ඊජිප්තුවේ තනි පාලකයා බවට පත්වූවා ය. ඇගේ පියා සහ ක්ලියෝපැට්රා නොසිටීම නිසා තමන් සිහසුනෙන් නෙරපනු හෝ දඬවම් පමුණුවනු ඇතැයි බියවීමට ඇයට කිසිදු හේතුවක් නොවිණි.[1]
ඊජිප්තුව පාලනය කළේ හුදකලා කාන්තාවක බැවින්, ඇය පුරුෂයකු හා විවාහ වී ඔහුව සිය සම-අනුරාජයා ලෙස පත්කරගනු ඇතැයි අන්‍යයන් අපේක්ෂා කළහ. ඇය එසේ සිදු නොකළ විට ඇගේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඇයට සෙලියුකස් VII කයිබියෝසැක්ටෙස් කුමරු සමග විවාහ වන ලෙස බලකළහ. නමුත් ඔහුගේ ගෙල සිරකොට මරා දැමූ ඇය ඊජිප්තුවේ අසහාය පාලිකාව ලෙස රාජ්‍ය පාලනය කළා ය.[2] බෙරෙනිස් විවාහය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ටොලමියානු රාජ්‍ය සමය බිඳවැටේ යැයි ජනතාව බියවූහ. ඇය විලාසිතා සහ සැපසම්පත් කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ හෙයින් ඇගේ වියදම් ඉහළ ගිය බව ද විශ්වාස කෙරේ. පසුව ඇය ආර්චෙලෝස් සමග විවාහ වූව ද, ඔහු ඇගේ සම-අනුරාජයා නොවී ය. ආර්චොලෝසිව කැපඩොෂියාවේ කොමානාහි ප්‍රධාන පූජකවරයා ලෙස පත්කළේ පොම්පේ විසිනි. ඔහු පොන්ටස්හි VIවන මිත්රිඩේටස් රජුගේ පුත්‍රයකු යැයි සැලකේ. නමුත් ස්ට්රාබෝ සඳහන් කරන්නේ ආර්චෙලෝස්ගේ පියා පළමු මිත්රිඩේටික යුද්ධයේ දී VIවන මිත්රිඩේටස්ගේ සෙන්පතියකු වූ ආර්චෙලෝස් නැමැත්තකු බවයි.[3] ඔහු රෝමවරුන්ට එරෙහිව කැරැලි ගැසූ අයෙකි.
ක්‍රි.පූ. 55දී ඕලස් ගැබිනියස්ගේ නායකත්වයෙන් යුත් රෝමවරුන්ගේ ආධාර ඇතිව ඇගේ පියා විසින් සිහසුන යළි හිමිකරගැනීමත් සමග බෙරෙනිස්ගේ රාජ්‍ය සමය අවසන් විය. එහිදී බෙරෙනිස්ගේ හිස ගසා දමන ලදී. ස්ට්රාබෝ පවසන පරිදි, ගැබිනියස් සමග පෙර මිත්‍ර සබඳතා පැවැත්වූ ආර්චෙලෝස් ගැබිනියස්ගේ හමුදාවට එරෙහි සටනක දී මියගොස් ඇත.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.