ටොලමයික ඊජිප්තුවේ රැජින From Wikipedia, the free encyclopedia
ක්ලියෝපැට්රා II (ග්‍රීක: Κλεοπάτρα; ක්‍රි.පූ. 185 පමණ - 116) යනු ටොලමියානු ඊජිප්තුවේ රැජිනකි. (ඇය කෙටි කාලයක් තනිව පාලනය ගෙනගියා ය)
ක්ලියෝපැට්රා II | |
---|---|
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 170-164 පමණ, ටොලමි VI සහ ටොලමි VIII සමග (පළමු රාජ්‍ය සමය) ක්‍රි.පූ. 164-145, ටොලමි VI සමග (දෙවන රාජ්‍ය සමය) ක්‍රි.පූ. 145- 139 පමණ, ටොලමි VIII සමග ක්‍රි.පූ. 139-132, ටොලමි VIII සහ ක්ලියෝපැට්රා III දියණිය සමග ක්‍රි.පූ. 132-127, තනිව (ටොලමියානු) |
පූර්වප්‍රාප්තිකයා | ටොලමි VI (පළමු රාජ්‍යසමය) ටොලමි VIII (දෙවන සහ තෙවන රාජ්‍ය සමයයන්) |
අනුප්‍රාප්තිකයා | ටොලමි VIII (පළමු රාජ්‍ය සමය) ටොලමි VIII සහ ක්ලියෝපැට්රා III (දෙවන රාජ්‍ය සමය) ටොලමි IX සහ ක්ලියෝපැට්රා III |
වල්ලභ | ඊජිප්තුවේ VIවන ටොලමි, ඊජිප්තුවේ VIIIවන ටොලමි |
පියා | ටොලමි V එපිෆේන්ස් |
මව | ඊජිප්තුවේ Iවන ක්ලියෝපැට්රා |
උපත | ක්‍රි.පූ. 185 පමණ |
මරණය | ක්‍රි.පූ. 116 |
IIවන ක්ලියෝපැට්රා යනු Vවන ටොලමි සහ (බොහෝ විට) Iවන ක්ලියෝපැට්රාගේ දියණියයි. ඇය VIවන ටොලමි සහ ටොලමි VIII යුවර්ගීට්ස් II ට්රිෆොන්ගේ සොයුරියයි. ඇය පසුව ඇගේ සොයුරන් දෙදෙනාම සමග විවාහ වූවා ය.[1][2]
ඇගේ පළමු විවාහය ක්‍රි.පූ 175දී පමණ ඇගේ සොහොයුරා වූ ටොලමි VI සමග සිදු විය. ඔවුනට අවම වශයෙන් දරුවන් සිව් දෙනකුවත් සිටින්නට ඇත:[1][2]
ක්‍රි.පූ. 145දී IIවන ක්ලියෝපැට්රා ඇගේ අනෙක් සොහොයුරා වූ ටොලමි VIII යුවර්ගීට්ස් II ෆිස්කන් සමග විවාහ වූවා ය. ඔවුනට අවම වශයෙන් එක් පුත්රයකුවත් සිටින්නට ඇත:[1][2]
ඇගේ මව මියයාමෙන් (ක්‍රි.පූ. 176) පසු, ඇය ඇගේ සොයුරා වූ ටොලමි VI ෆිලොමීටර් සමග විවාහ වූයේ ක්‍රි.පූ. 175දී පමණ ය. ක්‍රි.පූ. 171 සිට 164 දක්වා IIවන ක්ලියෝපැට්රා, VIවන ටොලමි සහ ඔවුන්ගේ සොහොයුරා වූ VIIIවන ටොලමි ඊජිප්තුවේ සම-රාජ්‍යාධිකාරී ධුරය ඉසිලූහ.[1]
ක්‍රි.පූ. 169 දී, සිරියාවේ IVවන ඇන්ටියෝකස් ඊජිප්තුව ආක්‍රමණය කළේ ය. ඇලෙක්සැන්ඩ්‍රියාවට පිටත දී ටොලමි VI ෆිලොමීටර් ද, IVවන ඇන්ටියෝකස්ට එක් විය. මෙම්පිස්හි දී සිංහාසනාරූඪ කෙරුණු VIවන ටොලමි, IIවන ක්ලියෝපැට්රා සමග රාජ්‍ය පාලනය ගෙනගියේ ය. ක්‍රි.පූ. 164දී IIවන ක්ලියෝපැට්රාව සහ ඇගේ සැමියාව ඔවුන්ගේ සොහොයුරා වූ VIIIවන ටොලමි විසින් තාවකාලිකව ධුරයෙන් පහ කෙරුණු නමුත්, ක්‍රි.පූ. 163දී නැවත බලයට පත්වීමට ඔවුනට හැකි විය.[3]
ක්‍රි.පූ. 145දී IIවන ක්ලියෝපැට්රා ඇගේ අනෙක් සොහොයුරා වූ ටොලමි VIII යුවර්ගීට්ස් සමග විවාහවූවා ය. ක්‍රි.පූ. 142දී, VIIIවන ටොලමි, ක්ලියෝපැට්රාගේ ලාබාල දියණිය මෙන්ම ඔහුගේ ලේලිය ද වූ IIIවන ක්ලියෝපැට්රාව සිය බිරිය කොටගත්තේ ය.
ක්‍රි.පූ. 131දී IIවන ක්ලියෝපැට්රා විසින් VIIIවන ටොලමිට එරෙහිව කැරැල්ලක් මෙහෙයවා, ඔහුව සහ IIIවන ක්ලියෝපැට්රාව ඊජිප්තුවෙන් නෙරපන ලදී.[1] මේ කාලයේ VIIIවන ටොලමි විසින් ඔහුගේ සුළුපුත්‍රයා වූ ටොලමි සහ ඔහුගේම පුත්‍රයා වූ ටොලමි මෙමෆයිට්ස්ව මරාදමා තිබේ. VIIIවන ටොලමි විසින් සිය පුත්‍රයාව කොටස් කර ඔහුගේ හිස, අත් සහ පාද ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි IIවන ක්ලියෝපැට්රා වෙත උපන්දින ත්‍යාගයක් ලෙස යවා ඇත.[4]
ක්‍රි.පූ. 130 සිට 127 දක්වා IIවන ක්ලියෝපැට්රා ඊජිප්තුව පාලනය කළා ය. අනතුරුව ඇයට සිරියාව වෙත පලායාමට සිදු වූ අතර, ඇය එහි දී සිය දියණිය වූ ක්ලියෝපැට්රා තියා සහ බෑනා වූ ඩිමෙට්‍රියස් II නිකේටර් සමග එකතු වූවා ය.
ක්‍රි.පූ. 124දී ක්ලියෝපැට්රා සහ VIIIවන ටොලමි අතර පොදු සමාදානයක් ප්‍රකාශයට පත් කෙරිණි. ඉන්පසු ඇය ක්‍රි.පූ. 116දී ටොලමි මියයන තෙක්ම සිය සොහොයුරා සහ දියණිය සමග හවුල් පාලනයක් ගෙන ගියා ය. ටොලමිගේ මරණින් පසු ඇය රාජධානිය IIIවන ක්ලියෝපැට්රාට භාරදුන්නා ය. ඉන් මඳ කලකට පසු IIවන ක්ලියෝපැට්රා මරණයට පත් විය.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.