බටතොට ලෙන
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
බටතොට ලෙන ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බටතොට පුරාණ ගල්ලෙන් විහාර පරිශ්‍රයෙහි පිහිටි පුරාවිද්‍යා ස්ථානයක් වේ. එය කුරුවිට-එරත්න මාර්ගයේ කිලෝ මීටර 10 පමණ දුරින් පිහිටා තිබෙන අතර ප්රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක මෙම ලෙන තුලින් හමුව තිබේ.[1]
බටතොට ලෙන | |
---|---|
දිවා ගුහාව | |
පිහිටුම | සුදගල, කුරුවිට, සබරගමුව පළාත, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 06°48′00″N 80°22′00″E |
ගැඹුර | 15 m (49 ft) |
දිග | 25 m (82 ft) |
සොයාගැනුම | 1995 |
බටතොට පුරාණ ගල්ලෙන් විහාරයේහි වූ බටතොට ලෙන යන නමින් ප්‍රචලිත ලෙන, බෞද්ධ සාහිත්‍යයහි සඳහන් වන දිවා ගුහාව ලෙස විශ්වාස කෙරේ. බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් විසින් 1995 වර්ෂයේදී මෙම ලෙන දිවා ගුහාව හෙවත් භගවාලෙන විය හැකිය යනුවෙන් ප්‍රකාශ කොට තිබෙන අතර, පූජ්‍ය කිරිඇල්ලේ ඥණවිමල හිමියන් විසින් 1967 වර්ෂයේ රචිත සබරගමු දර්ශනය යන ග්රන්ථයෙහිද මෙම ලෙන, දිවා ගුහාව වශයෙන් වන්දනා පාත්‍රයට ලක්ව ඇති සඳහන් කොට තිබේ.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.