From Wikipedia, the free encyclopedia
නිල්ලග්ගම නටඹුන් ශ්රි ලංකාවේ ගල්ගමුවට ආසන්න නිල්ලග්ගම පිහිටා ඇති ක්රි. ව. 8 - 9 සියවස් සමයට අයත් පෞරාණික බෞද්ධ විහාරයක නටබුන් වේ.[1]
නිල්ලග්ගම බෝධිඝරය (නිල්ලක්ගම බෝධිඝරය) ලක්දිව බෝධිඝර අතුරින් වඩාත්ම කලාත්මක නිර්මාණයක් ලෙස සැළකේ. කළු ගලින් නිර්මාණය කොට ඇති බෝධිඝරය හා එහි ප්රාකාරය නිල්ලග්ගම වෑ කන්ද පාමුල පිහිටා ඇත. වර්ෂ 1895දී මෙම බෝධිඝරයෙහි නටඹුන් එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගන්නා ලදී. එහි තහවුරු කිරීමේ කටයුතු 1954 වර්ෂයේදී සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ විය.[2]
නිල්ලග්ගම බෝධිඝරය මාලක දෙකකින් යුක්ත වන පරිදි නිමවා ඇත. සමස්ථ බිත්තිය ගල් පුවරු භාවිතයෙන් සම්පූර්ණ කොට තිබේ. ඇතුළුවීම සඳහා නැගෙනහිර හා බටහිර යන දිශා ඔස්සේ දොරටු නිර්මාණය කොට ඇත. ඇතුළත වූ මළුව සමචතුරශ්රාකාර ස්වරූපයක් ගනියි. මීට අමතරව ගල් කණු කීපයක නටබුන් මෙම භූමියේ දැකගත හැකිවන අතර, වහලයක් රැඳවීම සඳහා ඒවා භාවිත කරන්නට ඇතැයි ව්ශ්වාස කෙරේ.[3]
නිල්ලග්ගම බෝධිඝරයෙහි නෙලා ඇති ගල් කැටයම්, කලාත්මකභාවය අතින් බොහෝ සුවිශේෂි වන බව සැළකේ. එම කැටයම් අතර ඇත්, හංස, අශ්ව සහ සිංහ රූප, ගිනිසිළු රටා, ලියවැල්, පියුම් හා කලස් ආදිය දැකගත හැකි වේ.
පෞරාණික කුඩා දාගැබකි. තවමත් සංරක්ෂණය කරනැත.
ශ්රී ලංකාවේ කුරුණෑගල දිස්ත්රික්කයේ ගල්ගමුව - නිකවැව (B126) බස් මාර්ගයෙන් ගොස් පහත ස්ථාන 2න එකකින් හැරී යා යුතුය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.