From Wikipedia, the free encyclopedia
දඹදෙණිය යනු වයඹ පළාතෙහි පිහිටි අතිශය පුරා විද්‍යාත්මක වැදගත් කමක් ඇති නගරයෙකි. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වන මෙය කුරුණෑගල නගරයේ සිට කිලෝ මීටර් 31ක් පමණ දුරින් පිහිටා ඇත.දඹදෙනි යුගය සිංහල සාහිත්‍යයෙහි ස්වර්ණමය යුගයක් සේ සැලකේ.
දඹදෙණිය ලංකාවේ අග නුවර බවට පත් වූයේ දහතුන් වන සියවසෙහිය. තුන්වන විජයබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1232 දී දඹදෙණිය අගනුවර කරගෙන රාජ්‍යත්වයට පත් වීම මෙහි ආරම්භයයි. ඉන්පසු දෙවන පරාක්‍රමබාහු රජ, හතරවන විජයබාහු රජ හා පළමු බුවනෙකබාහු රජ පිළිවෙළින් එහි රාජ්‍යත්වයට පත් වූහ. ක්‍රිස්තු වර්ෂ 1272දී පළමුවන බුවනෙකබාහු රජතුමා තම රාජධානිය යාපහුවට ගෙන යාම දඹදෙණි යුගයේ අවසානය විය.
තුන්වන විජයබාහු රජතුමා විසින් කරවන ලද විජයසුන්දරාරාමය අද ද දක්නට ඇතත්, දඹදෙණිය රාජධානිය නම් හඳුනා ගත හැක්කේ නටබුන්වලින් පමණෙකි. .
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.