තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති පුරාණ විහාරයකි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී මෙම අම්බලම, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2009 වර්ෂයේ ජූලි 24වන දිනදී රජයේ ගැසට් අංක 1612 යටතේ සිදුකොට තිබේ.[1]
වැලිවිට අසරණ සරණ සංරණංකර සංඟරාජ හිමියන් මෙහි වැඩම කර ඇති අතර සංඟරාජ සාධු චරියාවේ මෙම විහාරස්ථානයේ එවකට වැඩ සිටි භික්ෂූන් වහන්සේ “තලම්මැහැර උන්නාසේත් නෑර සිටිනවාය“ යනුවෙන් සඳහන් කර ඇත. මෙහි ඇති අතුපතර විහිදී ගිය බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙව්නාවේ රෝපණය කළ ජය ශ්‍රී මහා බෝධි ශාඛාවෙන් පැන නැඟුණ දෙතිස් ඵල රුහ බෝධින් වහන්සේලාගෙන් ද පැන නැඟුණ ශාඛාවක් ලෙස සැලකේ. එම නිසා “ශ්‍රී මහා බෝධී“ යනුවෙන් සිටවූ ශිලා ස්ථම්භයක් ද වේ. මෙහි ඉපැරණිම විහාරය ටැම්පිට විහාරය යි. එය ද නුවර යුගයට අයත් වන අතර දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිසංස්කරණය කොට කිසිදු සිතුවමක් නැතිව ගොඩනැගිල්ල පමණක් පවතී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.