From Wikipedia, the free encyclopedia
සමස්ත කාලයේදී බිහිවූ විශිෂ්ටතම පිතිකරුවා ලෙසින් බොහෝවිට හැඳින්වෙන, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින්, [2][3][4] 1928 සිට 1948 දක්වා පැවැති ඔහුගේ ජාත්‍යන්තර අභිවෘත්තියෙහිදී, ටෙස්ට් ක්‍රිකට් ශතක විසි නවයක් රැස් කර ගෙන ඇත. [N 1] > කෙසේවෙතත්, දෙවන ලෝක යුද්ධය ඇරඹීම නිසාත් ඉන්පසුව අසනීප තත්වයෙහි පසුවීම නිසාත්, 1940 සිට 1946 දක්වා ඔහුගේ ක්‍රිකට් අභිවෘත්තිය අතරමැද බිඳිණි. [5] 1936–1937 තරග වාරයේදී, ඔහු ඕස්ට්‍රේලියානු පිළෙහි නායකත්වය භාර ගත් අතර, [6] නායකයා වශයෙන් කටයුතු කරද්දී ඔහුගේ ශතකයන්ගෙන් දහහතරක් රැස් කර ගති. [7]තනි පිතිකරුවෙකු විසින් රැස් කර ඇති වැඩිම ද්විත්ව ශතක ගණන පිළිබඳ ලෝක වාර්තාවට බ්‍රැඩ්මන් හිමිකම් කියන්නේ ඔහු විසින් රැස් කර ඇති ද්විත්ව ශතක දොළස නිසාය.[8] දෙවතාවක් ත්‍රිත්ව ශතක රැස් කල පිතිකරුවන් සතරදෙනා අතුරින් පළමුවැන්නා වූයේ ඔහු වන අතර, බ්‍රයන් ලාරා, විරෙන්ද්‍ර ෂෙවාග් සහ ක්‍රිස් ගේල් යන පිතිකරුවෝ ඔහුට පසුව මෙය සිදු කලහ. [9] එංගලන්තයට එරෙහිව ඔහු විසින් රැස් කරන ලද ශතක දහනවය, තනි කණ්ඩායමකට එරෙහිව රැස් කරන ලද වැඩිම ශතක සංඛ්‍යාවෙහි ලෝක වාර්තාව වෙයි. [10]
1930 අළු බඳුන කරගාවලියෙහිදී එංගලන්තයට එරෙහිව ඔහු විසින් 334—ඔහුගේ පළමු ත්‍රිත්ව ශතකය —රැස් කල විට, බ්‍රැඩ්මන් විසින් එම ලකුණු අතරින් ලකුණු 309 ප්‍රමාණයක් රැස් කලේ, 1930 ජූලි 11 දිනදී වන අතර, වර්තමානයෙහිදීද තනි පිතිකරුවෙකු විසින් එක් දිනයකදී රැස් කෙරුණු වැඩිම ලකුණු සංඛ්‍යාව පිළිබඳ වාර්තාව එය වෙයි. [11] එය වැඩිම පෞද්ගලික ටෙස්ට් ලකුණු ප්‍රමාණය වූයේ, 1933 දී වොලී හැමන්ඩ් විසින් ලකුණු 336 රැස් කල තෙක්ය. [12] ලෙන් හට්න් විසින් 1938දී ලකුණු 364ක් රැස් කර වොලී හැමන්ඩ් පසු කල අතර, එම වාර්තාව 1958 වන තුරු පැවතියේ ගාෆීල්ඩ් සෝබර්ස් විසින් නොදැවී ලකුණු 365 රැස් කරන තුරුය. පසුව, වසර 2004 දී බ්‍රයන් ලාරා විසින් ලකුණු 400 ක් රැස් කලේය. පෙර සඳහන් කල තරගාවලියෙහිදීම, බ්‍රැඩ්මන් විසින් තවත් ශතකයක් සහ ද්විත්ව ශතක දෙකක් රැස් කල අතර, ඉනිම 7 කදී ලකුණු 974ක් රැස් කලේය;මෙය තනි පිතිකරුවෙකු විසින් එක් තරගාවලියකදී රැස් කල වැඩිම ලකුණු ප්‍රමාණය වෙයි.[13] 1937දී, ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් පෙලෙමින් සිටි බ්‍රැඩ්මන්, පිතිකරන ලැයිස්තුවෙහි සත්වන ස්ථානයේ ක්‍රීඩා කරමින් සිටියදී, ලකුණු 270 රැස් කරමින්, තම පිළ එංගලන්තයට එරෙහි ජයග්‍රහණයක් වෙත මං යොමු කර දුනි. [14] 2001 වසරෙහිදී, විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලිත විසින් තක්සේරුකෙරුණේ එය සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවෙහි විශිස්ටතම ඉනිම බවයි.[1]7 වන අනුස්ථිතියෙහි පිටියට පිවිසි පිතිකරුවෙකු විසින් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව එය වන අතර, 1934දී එංගලන්තයට එරෙහි ඔහුගේ ලකුණු 304, අංක 5 පිතිකරුවෙකු විසින් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වෙයි.[15]
1948 වසරෙහිදී ක්‍රීඩාවෙන් ඔහු සමුගැනීම සිදු වන විට, ඉනිම අසූවක් තුලදී බ්‍රැඩ්මන් ශතක විසි නවයක් රැස් කර තිබුණි. ඔහුගේ ටෙස්ට් ලකුණු 6,996 අතුරින් ලකුණු 5,393 ක් රැස් කිරීමට උපකාරී වූ මෙම ශතක, [16] ක්‍රීඩා කල ඉනිමකට 36.25% ප්‍රමාණයක් ශතක යන අනුපාතයක් ඇතිව රැස් කර තිබුණි. [17] මෙය නිසා 99.94අභිවෘත්ති පිතිකරන සාමාන්‍ය අගයයක් පවත්වාගෙන යෑමට ඔහුට හැකි වූ අතර, වෙනත් කිසිම පිතිකරුවෙකුට 61 සංඛ්‍යාව තරමට හෝ පිවිසීමට නොහැකි විය.[N 2] [18] ඔහුගේ අවසන් ඉනිමේ තවත් ලකුණු සතරක් රැස් කලේ නම්, මෙම සාමාන්‍ය අගයය 100 ක් සහිතව ක්‍රීඩාවෙන් සමු ගැනීමට ඔහුට හැකියාව තිබුණි. [19][20]
සංකේතය | අර්ථය |
---|---|
* | නො දැවී රැඳී සිටියේය |
♠ | ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දැරීය |
ටෙස්ට් | එම තරගාවලියේ ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව |
ස්ථානය | පිතිකරන අනුපිළිවෙලෙහි ස්ථානය |
ඉනිම | තරගයේ ඉනිම |
සි/පි | ක්‍රීඩා කරන තැන පිහිටුම සියරට (ඕස්ට්‍රේලියාව) ද නැතිනම් පිටරටද යන බව. |
පැරදුනි | ඕස්ට්‍රේලියාව විසින් තරගය පැරදුනි. |
දිනාගති | ඕස්ට්‍රේලියාව විසින් තරගය දිනාගති. |
ජය පැරදුමකින් තොරව | තරගය ජය පැරදුමින් තොර විය |
අංකය. | ලකුණු ගණන | එරෙහිව | ස්ථානය. | ඉනිම. | ටෙස්ට් | පිහිටුම | සි/පි | දිනය | ප්‍රතිඵලය |
---|---|---|---|---|---|---|---|---|---|
1 | 112 | එංගලන්තය | 6 | 3 | 3/5 | මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් | සියරට | 1928 දෙසැම්බර් 29 | පැරදුනි[21] |
2 | 123 | එංගලන්තය | 5 | 2 | 5/5 | මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් | සියරට | 1929 මාර්තු 8 | දිනාගති[22] |
3 | 131 | එංගලන්තය | 3 | 4 | 1/5 | ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම් | පිටරට | 1930 ජූනි 13 | පැරදුනි[23] |
4 | 254 | එංගලන්තය | 3 | 2 | 2/5 | ලෝඩ්ස් ක්‍රිකට් පිටිය, ලන්ඩනය | පිටරට | 1930 ජූනි 27 | දිනාගති[24] |
5 | 334 | එංගලන්තය | 3 | 1 | 3/5 | හෙඩිංලි ක්‍රීඩාංගණය, ලීඩ්ස් | පිටරට | 1930 ජූලි 11 | ජය පැරදුමකින් තොරව [25] |
6 | 232 | එංගලන්තය | 3 | 2 | 5/5 | දි ඕවල් , ලන්ඩනය | පිටරට | 1930 අගෝස්තු 16 | දිනාගති[26] |
7 | 223 | බටහිර ඉන්දීය කොදෙව් | 3 | 1 | 3/5 | බ්‍රිස්බන් ප්‍රදර්ශන ක්‍රීඩාපිටිය, බ්‍රිස්බන් | සියරට | 1931 ජනවාරි 16 | දිනාගති[27] |
8 | 152 | බටහිර ඉන්දීය කොදෙව් | 3 | 2 | 4/5 | මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් | සියරට | 1931 පෙබරවාරි 13 | දිනාගති[28] |
9 | 226 | දකුණු අප්‍රිකාව | 3 | 1 | 1/5 | ද ගැබා, බ්‍රිස්බන් | සියරට | 1931 නොවැම්බර් 27 | දිනාගති[29] |
10 | 112 | දකුණු අප්‍රිකාව | 4 | 2 | 2/5 | සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි | සියරට | 1931 දෙසැම්බර් 18 | දිනාගති[30] |
11 | 167 | දකුණු අප්‍රිකාව | 3 | 3 | 3/5 | මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් | සියරට | 1931 දෙසැම්බර් 31 | දිනාගති[31] |
12 | 299* | දකුණු අප්‍රිකාව | 3 | 2 | 4/5 | ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ් | සියරට | 1932 ජනවාරි 29 | දිනාගති[32] |
13 | 103* | එංගලන්තය | 4 | 3 | 2/5 | මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් | සියරට | 1932 දෙසැම්බර් 30 | දිනාගති[33] |
14 | 304 | එංගලන්තය | 5 | 2 | 4/5 | හෙඩිංලි ක්‍රීඩාංගණය, ලීඩ්ස් | පිටරට | 1934 ජූලි 20 | ජය පැරදුමකින් තොරව[34] |
15 | 244 | එංගලන්තය | 3 | 1 | 5/5 | දි ඕවල්, ලන්ඩනය | පිටරට | 1934 අගෝස්තු 18 | දිනාගති[35] |
16 | 270♠ | එංගලන්තය | 7 | 3 | 3/5 | මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් | සියරට | 1937 ජනවාරි 1 | දිනාගති[36] |
17 | 212♠ | එංගලන්තය | 3 | 3 | 4/5 | ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ් | සියරට | 1937 ජනවාරි 29 | දිනාගති[37] |
18 | 169♠ | එංගලන්තය | 3 | 1 | 5/5 | මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් | සියරට | 1937 පෙබරවාරි 26 | දිනාගති[38] |
19 | 144*♠ | එංගලන්තය | 3 | 3 | 1/5 | ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම් | පිටරට | 1938 ජූනි 10 | ජය පැරදුමකින් තොරව[39] |
20 | 102*♠ | එංගලන්තය | 3 | 4 | 2/5 | ලෝඩ්ස් ක්‍රිකට් පිටිය, ලන්ඩනය | පිටරට | 1938 ජූනි 24 | ජය පැරදුමකින් තොරව[40] |
21 | 103♠ | එංගලන්තය | 4 | 2 | 4/5 | හෙඩිංලි ක්‍රීඩාංගණය, ලීඩ්ස් | පිටරට | 1938 ජූලි 22 | දිනාගති[41] |
22 | 187♠ | එංගලන්තය | 3 | 1 | 1/5 | ද ගැබා, බ්‍රිස්බන් | සියරට | 1946 නොවැම්බර් 29 | දිනාගති[42] |
23 | 234♠ | එංගලන්තය | 6 | 2 | 2/5 | සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි | සියරට | 1946 දෙසැම්බර් 13 | දිනාගති[43] |
24 | 185♠ | ඉන්දියාව | 3 | 1 | 1/5 | ද ගැබා, බ්‍රිස්බන් | සියරට | 1947 නොවැම්බර් 28 | දිනාගති[44] |
25 | 132♠ | ඉන්දියාව | 3 | 1 | 3/5 | මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් | සියරට | 1948 ජනවාරි 1 | දිනාගති[45] |
26 | 127*♠ | ඉන්දියාව | 6 | 3 | 3/5 | මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් | සියරට | 1948 ජනවාරි 1 | දිනාගති[45] |
27 | 201♠ | ඉන්දියාව | 3 | 1 | 4/5 | ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ් | සියරට | 1948 ජනවාරි 23 | දිනාගති[46] |
28 | 138♠ | එංගලන්තය | 3 | 2 | 1/5 | ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම් | පිටරට | 1948 ජූනි 10 | දිනාගති[47] |
29 | 173*♠ | එංගලන්තය | 3 | 4 | 4/5 | හෙඩිංලි ක්‍රීඩාංගණය, ලීඩ්ස් | පිටරට | 1948 ජූලි 22 | දිනාගති[48] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.