මෙල්බන්
From Wikipedia, the free encyclopedia
Remove ads
මෙල්බර්න්, ව්ක්ටෝරියා ප්‍රාන්තයේ අගනුවරයි. ජන ගහනය අතින් එය ඕස්ට්‍රේලියාවෙ මෙන්ම ඕෂනියා කලාපයේද දෙවැනි විශාලතම නගරයයි. මෙල්බන් නමින් හදුන්වන සීමාව ඩැන්ඩිනොන්ග් හා මැසිඩන් කදු වලල්ල දක්වාත් මෝර්නින්ග්ටන් අර්ධද්වීපය හා යාරා තැන්න දක්කාත් දිවෙන වර්ග කිලෝමීමර් 9,993 කින් සමන්විත ප්‍රදේශයකි. මෙල්බර්න්, නාගරික බලප්‍රදේශ 31 කින් සමන්විත අතර 2016 ජනසංගණනයට අනුව 4,725,316 ක ජනගහනයකින් යුක්ත විය. මෙල්බර්න් ලොකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස 2017 වසර දක්වා වසර හතක් පුරාවටම Economist Intelligence Unit මගින් පිදුම් ලබා අැත. අාර්ථිකය අතින් අාසියා පැසිපික් කලාපයේ ඉද්රියෙන්ම සිටින මෙල්බර්න් , Global Financial Centres Index අනුව ලෝකයේ පළමු නගර 15 අතර සිටී.
Remove ads
ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික අගනගරය ලෙස හදුන්වන මෙල්බර්න් , ඕස්ට්‍රේලියානු නීතිසහිත පාපන්දු ක්‍රීඩාවේ මෙන්ම ඕස්ට්‍රේලියානු චිත්‍රපට හා රූපවාහිනී කර්මාන්තයේ ද මහගෙදරයි. එමෙන්ම එය , මෙල්බර්න් ක්‍රිකට් පිටිය, ජාතික කළා අායතනය, වික්ටොරියා කලාභවන මෙන්ම යුනෙස්කෝ ලෝක උරුමයක්ද වන රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ල වැනි ඕස්ට්‍රේලියාවෙ විශාලතම හා පැරනිම සංස්කෘතික අායතනයන් ගණනාවක මහගෙදරයි.
Remove ads
ආශ්‍රිත
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads