ඉන්දියානු රූපවාහිනී ජාලය From Wikipedia, the free encyclopedia
වයාකොම් 18 මීඩියා ප්‍රයිවට් ලිමිටඩ් (පිහිටුවීම 2007 නොවැම්බර්) යනු ඉන්දියාවේ වයාකොම් සහ නෙට්වර්ක් 18 අතර 50/50 බද්ධ සමාගමකි. මෙම සමූහය මුම්බායි මූලික කොටගෙන ඇත. වයාකොම් 18 මගින් ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් සඳහා වන වයාකොම් සමූහයේ විවිධ නාළිකාවල මෙන්ම ඉන්දියාවේ වයාකොම් පාරිභෝගික නිෂ්නාදනවල හිමිකාරීත්වය සහ ක්‍රියාකාරීත්වය දරයි. 2008 ජූලි මස කලර්ස් නාළිකාව දියත් කරන ලදී. 2010 ජනවාරියේ දී, වයාකොම් 18 අන්තර්ජාතිකව කලර්ස් එක්සත් ජනපදයේ ද දියත් කරවී ය. මෙම නාළිකාව "ආප් කා කලර්ස්" ලෙස හඳුන්වයි. 2010 ජූලි මස, එය සන් ජාලය සමග 50/50 බෙදාහැරීමේ හවුල්කාරීත්වයක් ඇරඹි අතර සන් 18 පිහිටුවන ලදී.[3] 2011 දෙසැම්බරයේ දී, වයාකොම් 18 විසින් නිකලෝදියන් සොනික් නාළිකාව ඇරඹූ අතර, එමගින් යොවුන් ප්‍රජාව අරමුණු කෙරිණි.[4] 2012 ජනවාරි 23, වයාකොම් 18 විසින් කොමඩි සෙන්ට්‍රල් නාළිකාව දියත් කරන ලදී. 2012 සැප්තැම්බර් 3 වයාකොම් 18 රිෂ්තේ නාළිකාව ද දියත් කළේ ය. 2015 ජූලි 31 දින, එය කලර්ස් ඉන්ෆිනිටි සහ එහි HD ප්‍රභේදය ද ඇරඹී ය.
වර්ගය | බද්ධ ව්‍යාපාරය |
---|---|
ස්ථාපිතය | 2007 |
මූලස්ථානය | මුම්බායි, ඉන්දියාව[1] |
ප්‍රධාන පුද්ගලයන් | මුකේෂ් අම්බානි (සභාපති) සුධාංශු වට්ස් (ප්‍ර.වි.නි.) |
කර්මාන්තය | රූපවාහිනිය |
උපාංගයන් | වයාකොම්18 US වයාකොම්18 මීඩියා රොප්ටැනොල් ද ඉන්ඩියන් ෆිල්ම් කම්පනි[2] වයාකොම් 18 මෝෂන් පික්චර්ස් |
වෙබ්අඩවිය | Viacom18.com |
වයාකොම් 18 සතුව වයාකොම් 18 මෝෂන් පික්චර්ස්හි හිමිකාරීත්වය ද ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.