From Wikipedia, the free encyclopedia
කර් සටන[lower-alpha 2] යනු පළමුවන ලෝක යුද්ධයෙහි ආරම්භක හමුදාමය ක්‍රියාවලීන් අතරතුර, සර්බියානු මෙහෙයුම ඇරඹී සති තුනක් ඇතුළත, ඕස්ට්‍රියා-හංගේරියාව සහ සර්බියාව අතර 1914 අගෝස්තු මාසයෙහිදී සටන් වැදුණු, හමුදාමය මෙහෙයුමකි. එය සිදුවූයේ කර් කන්ද සහ අසල පිහිටි ගම්මාන කිහිපයක් මෙන්ම සැබැක් නගරයද අසබඩ විය.
කර් සටන | |||||||
---|---|---|---|---|---|---|---|
පළමුවන ලෝක යුද්ධයෙහි බෝල්කන් රණ භූමියෙහි සර්බියානු මෙහෙයුම හි කොටසකි | |||||||
සර්බියාව පිළිබඳ මුල් ඕස්ට්‍රියා-හංගේරියානු ආක්‍රමණ සැලසුම් දක්වන සිතියමක්, අගෝස්තු 1914. | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
ඕස්ට්‍රියා-හංගේරියාව | සර්බියාව | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
ඔස්කාර් පොටියොරෙක් එඩුවාඩ් වොන් බර්ම්-එමෝලි ලිබෝරියස් රිටර් වොන් ෆ්රැන්ක් |
රැඩ්මිර් පුට්නික් ස්ටෙප්පා ස්ටෙපානොවිච් පාව්ල යූරිසිච් ස්ටෝර්ම් | ||||||
සම්බන්ධිත හමුදා ඒකකයන් | |||||||
2වන යුද්ධ හමුදාව 5වන යුද්ධ හමුදාව |
2වන යුද්ධ හමුදාව 3වන යුද්ධ හමුදාව | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
200,000 | 180,000 | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
6,000–10,000 මිය ගියෝය 30,000 තුවාල ලදහ 4,500 අල්ලා ගැනිනි 46 තුවක්කු අල්ලා ගැනිනි 30 මැෂින් තුවක්කු අල්ලා ගැනිනි 140 වෙඩි බෙහෙත් ගැල් අල්ලා ගැනිනි සම්පූර්ණ: 40,500–45,500 ආපාතිකයෝ |
3,000–5,000 මිය ගියෝය 15,000 තුවාල ලදහ සම්පූර්ණ: 18,000–20,000 ආපාතිකයෝ | ||||||
ඕස්ට්‍රියා-හංගේරියාව විසින් සර්බියාව වෙත සිදුකළ පළමුවන ආක්‍රමණයෙහි කොටසක් වන මෙම සටන අගෝස්තු 15 දින රාත්‍රියෙහිදී සිදුවූයේ, සර්බියානු පළමුවන ඒකාබද්ධ සේණාංකය විසින් කර් කන්දේ බෑවුම් මත ආක්‍රමණයෙහි මුල් අවදියෙහිදී පිහිටුවා තිබූ ඕස්ට්‍රියා-හංගේරියානු පිටමුරපොළ කිහිපයක් හමුවීම සමගය. . එයින් පසුව ඇතිවූ ගැටුම්, කන්ද අසබඩ නගර සහ ගම්මාන වල විශේෂයෙන් සැබැක් නගරයෙහි පාලනය නතු කර ගැනීම සඳහා වූ සටනක් බවට ව්‍යාප්ත විය. අගෝස්තු 19 දින වන විට, ඕස්ට්‍රියානු-හංගේරියානුවන්ගේ චිත්ත ධෛර්යය බිඳවැටුනු අතර, සොල්දාදුවන් දහස්ගණනක් ඕස්ට්‍රියානු-හංගේරියාව වෙත පසුබැසීම සිදුවූ අතර, ඔවුන් භීතියයෙන් පැනයෑමට තැත් කරද්දී බොහෝ දෙනෙක් ඩ්රීනා ගංගාවෙහි ගිලී නැසුනහ. අගෝස්තු 24 දින වන විට සර්බ්වරු සැබැක් වෙත යළි පැමිණ සටන කෙළවර කළහ.
දින දහයක් සටන් කිරීමෙන් අනතුරුව සර්බියානු ආපාතිකයන් මියගියවුන් 3,000–5,000 සහ තුවාල ලද්දන් 15,000 වූහ. ඕස්ට්‍රියානු-හංගේරියානුවන් අතර මෙම සංඛ්‍යා බෙහෙවින් ඉහළ වූ අතර, සොල්දාදුවන් 6,000–10,000 මිය ගෙසේ, 30,000 තුවාල ලබා සහ 4,500 දෙනෙක් යුද්ධ සිරකරුවන් ලෙසින් ගන්නා ලදහ. ඕස්ට්‍රියානු-හංගේරියානුවන්ට එරෙහිව සර්බියානු ජයග්‍රහණය සනිටුහන් කළේ, පළමුවන ලෝක යුද්ධය තුල මධ්‍ය බලවතුන්ට එරෙහිව මිත්‍ර පාක්ෂිකයන් ලද පළමුවන ජයග්‍රහණය ලෙසින්ද, යුද්ධයෙහි ගුවන් යානා අතර පළමුවන ගුවන් සටන මෙම සටනෙහිදී සිදුවීම යන හේතුවය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.