ස්කැන්ඩියම්
From Wikipedia, the free encyclopedia
ස්කැන්ඩියම් යනු පරමාණුක ක්‍රමාංකය 21 වු Sc සංකේතයෙන් හදුන්වනු ලබන මූල ද්‍රව්‍යකි. රිදීපැහැති-සුදු ආන්තරික ලෝහයක් වන එය ඓතිහාසික වශයෙන් සමහර අවස්ථා වලදී යිට්‍රියම් සහ ලැන්තනයිඩ හා සමගින් විරල පාංශු මූලද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කර ඇත. එය ස්කැන්ඩිනේවියාවේහීදී හමුවූ යුක්සෙනයිට් සහ ගැඩොලිනයිට් යන ඛනිජයන්හී වර්ණාවලී විශ්ලේෂණය මගින් 1879 දී සොයා ගන්නා ලදී.
දැනට ස්කැන්ඩියම් ලෝහය බොහෝ තැන්පතු දුලබව පාංශු සහ යුරේනියම් සමග සම්මිශ්‍රණය වී පවතී. නමුත් ලෝපස් වලින් මෙම ලෝහය වෙන්කරගනු ලබන්නේ ලෝකයේ ඉතා සුළු පතල් සංඛ්‍යාවකිනි. මක්නිසාදයත් එය ඉතා දුලබ වීමත් ස්කැන්ඩියම් ලෝහය වෙන්කර ගැනීමට ඉතා දුෂ්කර වීමත් නිසාය. එය මුලින්ම කරනලද්දේ 1937 දී වන අතර ස්කැන්ඩියම් වල භාවිතයන් දියුනු වීමටත් පෙර, 1970 වන තුරුම එය කරන ලදී. ස්කැන්ඩියම් සොයගැනීමේ සුබවාදී ප්‍රතිපලයක් වශයෙන් 1970 දී ඇලුමීනියම් මිශ්‍ර ලෝහය සොයාගන්නා ලදී.
ස්කන්ඩියම් ලෝහය සාදන සංයෝග වල ගුණ සැලකීමේදී එය ඇලුමීනියම් සහ යිට්‍රියම් සාදන සංයෝග අතර මධ්‍යස්තව පවතී. ස්කැන්ඩියම් සහ මැග්නීසියම් ලෝහය අතර හැසිරීමෙහි හරස් සම්බන්ධයක් පවතින අතර එය බෙරලියම් සහ ඇලුමීනියම් අතර පවතින්නාක් මෙනි. 3 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාදන සංයෝග සැලකීමෙදී ස්කැන්ඩියම් වල ප්‍රධාන ඔක්සිකරණ තත්වය වන්නේ +3 ය.