බංග්ලාදේශය
දකුණු ආසියාවේ පිහිටි රටක් / From Wikipedia, the free encyclopedia
බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබාදෙයි.
බංගලාදේශ ජනතා සමූහාණ්ඩුව গণপ্রজাতন্ত্রী বাংলাদেশ Gônoprojatontrī Bangladesh | |
---|---|
අගනුවර සහ විශාලතම නගරය | ඩකා |
නිල භාෂා(ව) | බෙංගාලි |
ජාති නාම(ය) | Bangladeshi |
රජය | ඒකීය රජයක් සහ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය |
• ජනාධිපති | සිල්ලූර් රහමන් |
• අගමැති | ෂීක් හසීනා වසෙඩ් |
නිදහස | |
• ප්‍රකාශ කළේ | 1971 මාර්තු 26 දින |
• Victory Day | 1971 දෙසැම්බර් 16 දින |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 147,570 km2 (56,980 sq mi) (93th) |
• ජලය (%) | 6.9 |
ජනගහණය | |
• 2009 ඇස්තමේන්තුව | 162,221,000 (7th) |
• ඝණත්වය | 1,099.3/km2 (2,847.2/sq mi) (9th) |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $241.295 billion |
• ඒක පුද්ගල | $1,465 |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $94.507 billion |
• ඒක පුද්ගල | $624 |
ගිනි (2000) | 33.4 මධ්‍යම |
මාසද (2007) | 0.543 දෝෂය: අනීතික HDI අගය · 146th |
ව්‍යවහාර මුදල | ටකා (BDT) |
වේලා කලාපය | UTC+6 (BST) |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | +880 |
ISO 3166 code | BD |
අන්තර්ජාල TLD | .bd |
|
වත්මන් බංග්ලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංග්ලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්රජාතන්ත්රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි.