![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/af/East-Hem_600ad.jpg/640px-East-Hem_600ad.jpg&w=640&q=50)
7 වන සියවස
සියවස / From Wikipedia, the free encyclopedia
7 වන සියවස යනු පොදු යුගයේ ජූලියන් දින දර්ශනයට අනුව 601 ( DCI ) වර්ෂය සිට 700 ( DCC ) වර්ෂය දක්වා කාලයයි. මෙම කාලයේදි, විශේෂ සිදුවීම් රැසක් සිදුවිය. 622 දී මුහම්මද් නබිතුමා විසින් අරාබිය එක්සත් කිරීමත් සමඟ ඉස්ලාමයේ ව්‍යාප්තිය සහ මුස්ලිම් ආක්‍රමණ ආරම්භ විය. 632 දී මුහම්මද් නබිතුමාගේ මරණයෙන් පසු, ඉස්ලාම් ආගම අරාබි අර්ධද්වීපයෙන් ඔබ්බට රෂිඩුන් කැලිෆේට් (632-661) සහ උමයියාද් කැලිෆේට් (661-750) යටතේ ව්‍යාප්ත විය. 7 වන සියවසේදී මුස්ලිම්වරුන් පර්සියාව අත්පත් කර ගැනීම, සාසනියානු අධිරාජ්‍යයේ බිඳවැටීමට හේතු විය. 7 වන සියවසේදී සිරියාව, පලස්තීනය, ආර්මේනියාව, ඊජිප්තුව සහ උතුරු අප්‍රිකාව යටත් කර ගන්නා ලදී .
සහශ්‍රය: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: |
|
දශක: | 600ගණන් 610ගණන් 620ගණන් 630ගණන් 640ගණන් 650ගණන් 660ගණන් 670ගණන් 680ගණන් 690ගණන් |
ප්‍රවර්ග: | උපත් – මරණ සංස්ථාපනයන් – විසංස්ථාපනයන් |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/af/East-Hem_600ad.jpg/640px-East-Hem_600ad.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/21/East-Hem_700ad.jpg/640px-East-Hem_700ad.jpg)
මුස්ලිම් අධිරාජ්‍යයේ ශීඝ්‍ර ව්‍යාප්තිය අතරතුර බයිසැන්තියානු අධිරාජ්‍යය දිගින් දිගටම පසුබෑමකට ලක් විය.
7 වන සියවස, අයිබීරියානු අර්ධද්වීපයේ සිග්ලෝ ඩි කොන්සිලියෝස් විය. එනම්, ටොලිඩෝහි කවුන්සිලයන් ගැන සඳහන් කරමින්, කවුන්සිලයේ සියවස යන්නයි.
චීනයේ, සුයි රාජවංශය වෙනුවට තාං රාජවංශය බලයට පත් අතර, ඔවුන් කොරියාවේ සිට මධ්‍යම ආසියාව දක්වා සිය හමුදා කඳවුරු පිහිටුවා ගන්නා ලදි. පසුව උමයියාද්වරුන් අසල දක්වා ව්‍යාප්ත විය. චීනය, ඔවුන්ගේ උපරිමයට ළඟා වීමට පටන් ගත්තේය. සිල්ලා රාජධානිය, තාං රාජධානිය සමග මිත්‍ර වී, කොරියානු අර්ධද්වීපය එක් පාලකයෙක් යටතේ එක්සත් කිරීමට, බෙක්ජේ රාජධානිය යටත් කොට, ගොගුර්යෝ පරාජය කළේය.
7 වන සියවස පුරා ජපානයේ අසුකා යුගය පැවතුණි.
6 වැනි සියවසේ ගුප්ත අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පසු කුඩා ජනරජ සහ ප්‍රාන්ත බවට පත් වූ උතුරු ඉන්දියාව හර්ෂ අධිරාජයා විසින් එක්සත් කළේය.