කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය
From Wikipedia, the free encyclopedia
සාර්ස්-කොවී-2 නම් වන වෛරසයක් හේතුකොට ගෙන ඇතිවන කොවිඩ්-19 (COVID-19) නම් රෝගී තත්වයක්, 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය (ඉංග්‍රීසි: 2019–20 coronavirus pandemic) නමින් හැඳින්වෙන ව්‍යාප්ත සංගතයක් (pandemic) ලෙස ලොව පුරා පැතිරෙමින් පවතී..[3] 2019 දෙසැම්බර් මාසයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් මෙම ව්‍යාප්තිය ආරම්භ වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය 2020-01-30 දින එය ජාත්‍යන්තර අවධානය යොමුවිය යුතු මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් (PHEIC) ලෙස නම් කරන ලද අතර 2020-03-11 දින එය ව්‍යාප්ත සංගතයක් (pandemic) ලෙස නම් කරන ලදී.[4][5] 2021 අප්‍රේල් 12 දින වනවිට රටවල් සහ භූමිප්‍රදේශ දෙසියයකට (200) වඩා ස්ථාන වලින් කොවිඩ්-19 රෝගීන් 135 million වඩා වාර්ථාවී ඇති අතර, මරණ 2,930,000 පමණ වාර්ථා වී ඇත.[6] එසේම රෝගීන් 77,200,000 වඩා ප්‍රමාණයක් සුව අතට හැරී ඇත.[6]
මෙම ලිපිය යාවත් කාලීන කිරීම අවශ්‍යයි. |
| |||||||
රෝගය | Coronavirus disease 2019 (COVID-19) | ||||||
---|---|---|---|---|---|---|---|
වෛරසය පීඩාව | Severe acute respiratory syndrome coronavirus 2 (SARS‑CoV‑2) | ||||||
ස්ථානය | Worldwide | ||||||
දිනය | 17 නොවැම්බර් 2019 (2019-11-17) – present (4 years and 8 months) | ||||||
සහතික කළ රෝගවිනිශ්චයන් | Senuth | ||||||
මරණ | Senuth (reported) 8.7–20.8 million (estimated)[1][2] |
මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වන්නේ මහජනයාගේ සමීප සම්බන්දතාවල දී සහ කහින විට සහ කිවිසුම් යනවිට පිටවන බිඳිති මාර්ගයෙනි.[7][8][9] වෛරසය සාමාන්‍යයෙන් වාතය මගින් බෝ නොවන මුත් ශ්වසන ක්‍රියාවලියේ දි respiratory droplets ඇතිවීමේ හැකියාවක් ඇත.[7][8][10] වෛරසය මගින් අපවිත්‍ර වූ මතුපිටක් ස්පර්ශ කොට නැවත තම මුහුණ ඇල්ලීම මගින් මෙම රෝගය වැළඳීමට හැකියාවක් ඇත.[7][9] රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙකුගෙන් රෝගය බෝවීමට වැඩි හැකියාවක් ඇතිමුත්, රෝග ලක්ෂණ රහිත රෝගියෙකු ගෙන් පවා රෝගය බෝවීමට හැකියාව ඇත.[9] වෛරස ශරීරයට ඇතුල්වීමේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම දක්වා කාලය සාමාන්‍යයෙන් දින පහක් (5) වනමුත්, දින දෙකේ (2) සිට් දහ හතර (14) දක්වා වෙනස් විය හැකිය.[11][12] සාමාන්‍ය රෝග ලක්ෂණ වනුයේ උණ, කැස්ස, සහ හුස්ම ගැනීමේ අපහසුව වේ.[11] සංකූලතා ලෙස නිව්මෝනියාව සහ ARDS දැකිය හැක.[13] මෙම රෝගය සඳහා එන්නතක් හෝ විශේෂිත ප්‍රතිවෛරස ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.[7] මූලික ප්‍රතිකාර ක්‍රම වන්නේ රෝග ලක්ෂණානුකූල සහ උපකාරක චිකිත්සාව වෙයි.[14] රෝග වැලැක්වීමේ ක්‍රමවේද ලෙස නිතර දෑත් සේදීම, කහින විට දී මුඛය ආවරණය කිරීම, සමාජ දුරස්ථකරණය, සැකකටයුතු පුද්ගලයන් අධීක්ෂණය සහ ස්වයං නොරෝධායනය වීම දක්වා ඇත.[7][15]
වෛරසය පැතිරයාම වැලැක්වීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස ගමනාගමන වාරණය කිරීම, නිරෝධායන කිරීම, ඇඳිරි නීතිය, workplace hazard controls, උත්සව කල්දැමීම සහ අවලංගු කිරීම් සහ ආයතන වසාදැමීම භාවිතා වේ. මේ අතර හුබෙයි හි නිරෝධායනය,[16] ලොව අන් ස්ථානවල දක්නට ඇති ජාතික හෝ කළාපීය නිරෝධායනය, චීනයේ සහ දකුණු කොරියාවේ Korea ඇඳිරි නීතිය පැනවීම,[17][18][19] දේශසීමා වසා දැමීම හෝ මගීන් ඇතුලුවීමට වාරණ පැනවීම,[20][21] screening at airports and train stations,[22] සහ මගීන් පිටවීමට වාරණ පැනවීම වේ.[23][24][25][26]
මෙම මහා වසංගතය නිසා ලොව පුරා socioeconomic disruption,[27] ක්‍රීඩා, ආගමික සහ සංස්කෘතික උත්සව කල්දැමීම සහ අවලංගු කිරීම,[28] panic buying කිරීම නිසා සැපයුම් සීමාවීම සිදුවී ඇත.[29][30] ලොව පුරා රටවල් 160 කට වඩා ජාතික හෝ ප්‍රාදේශීය මට්ටමින් පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇත.[31] අන්තර්ජාලය පුරා වෛරසය පිළිබඳ වැරදි තොරතුරු සහ conspiracy theories පැතිරී ඇති අතර[32][33] චීන සහ අග්නිදිග ආසියාතිකයන් කෙරෙහි xenophobia සහ racism සිදුවීම් වාර්ථාවී ඇත.[34][35][36]