එන්නත්
From Wikipedia, the free encyclopedia
එන්නතක් යනු (ඉංග්‍රීසි: Vaccine) එක්තරා රෝගයක් සදහා ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගැනීම පිණිස ඇති නිෂ්පාදනයකි. මෙම වැක්සීන් යන වදන නිර්මාණය වුයේ එඩ්වඩ් ජෙනර් විසින් ගව වසූරිය රෝගය සදහා එන්නත් කරන ලද ද්‍රව්‍ය මගිනි. (ලතින් භාෂාවෙන් “වැකා” යනු ගවයින් වේ.) මෙලෙස නිෂ්පාදනය කරන ලද එන්නත මගින් මිනිසුන්හට වසූරිය රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන ලදී. ජෙනර් විසින් සිදු කරන ලද කර්තව්‍ය ලුවී පාස්චර් සහ අන්‍යයන් විසින් වැඩි දියුණු කරන ලදී. මෙම එන්නත් පිළිබද වූ සංකල්පය මුලින්ම ඇතිවන ලද්දේ චීනයේදී සැරබාල කරන ලද වසූරිය රෝගකාරක වෛරසය මගින් සුළු වශයෙන් පුද්ගලයන් සිතාමතාම ආසාදනයට ලක්කිරීම මගිනි. ජෙනර් විසින් අවබෝධ කරගන්නා ලද්දක් වූයේ ගව වසූරිය රෝගය ඇති වූ කිරිදොවන්නන් හට වසූරිය රෝගය ඇති නොවන බවයි. මෙලෙස එන්නත් ලබාදීම සහ ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය එන්නත්කරණය නම් වේ. එන්නත්කරණ ක්‍රමය වඩාත් ආරක්ෂාකාරී වීම හේතුවෙන් 1948 දී එන්ගලන්තයේ දී රෝග කාරක වසූරිය වෛරසය සිරුර තුළට ඇතුළු කිරීම තහනම් කරන ලදී.
එන්නත් | |
---|---|
Intervention | |
![]() Jonas Salk in 1955 holds two bottles of a culture used to grow polio vaccines. | |
MeSH | D014612 |
එන්නත් වර්ග අනාගතයේදී රෝග ඇති වීම වැළැක්වීම සහ ඒවායේ ඇතිවන හානිකර විපාකයන් වළක්වා ගැනීම සදහා භාවිතා කළ හැකි අතර ඇතැම් රෝග සුව කර ගැනීම සදහා ද එන්නත් වර්ග භාවිතා වේ. (උදා - පිළිකා රෝග සදහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට එන්නත් වර්ග භාවිතා කිරීම පිළිබදව පර්යේෂණ පවතී)