From Wikipedia, the free encyclopedia
2016 ගිම්හාන පැරාලිම්පික් යනු අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුවේ අධීක්ෂණය යටතේ ආබාධිත ක්රීඩක ක්රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන අන්තර්ජාතික බහු-ක්රීඩා තරගාවලියකි. එය 15 වන ගිම්හාන පැරාලිම්පික් තරගාවලියයි. 2016 සැප්තැම්බර් මස 7 සිට 18 දක්වා බ්රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හි දී තරගාවලිය පැවැත්වෙනු ඇත. ලතින් ඇමෙරිකානු හෝ දකුණු ඇමෙරිකානු රටක පැරාලිම්පික් තරගාවලියක් පැවැත්වෙන ප්රථම අවස්ථාව මෙය වන අතර දක්ෂිණ අර්ධ ගෝලයේ රටක - 2000 සිඩ්නි පැරාලිම්පික් වලට පසු - පැරාලිම්පික් තරගාවලියක් පැවැත්වෙන දෙවැනි අවස්ථාවද වෙයි. පැරා ඔරු පැදීම සහ පැරාතුන්ප්රයාමය යන ක්රීඩා යුගලය මෙම තරගාවලියට අළුතින් එක් වීමට නියමිතය.
XV Paralympic Games | |||
---|---|---|---|
සත්කාරක නගරය | රියෝ ද ජැනෙයිරෝ, බ්රසීලය | ||
තේමාව | A new world (පෘතුගීසි: Um mundo novo) | ||
ජාතින් සහභාගී වන | 176 [2] | ||
සහභාගී වන ක්රීඩකයන් | 4500 [2] | ||
ඉසව් | 528 ක්, ක්රීඩා 23 කින් [2][3] | ||
සමාරම්භක උත්සවය | 7 සැප්තැම්බර් | ||
අවසන් දින උත්සවය | 18 සැප්තැම්බර් | ||
පැරාලිම්පික් ක්රීඩාගාරය | මරකානා ක්රීඩාංගණය | ||
ගිම්හාන: | |||
| |||
ශීත ඍතු: | |||
|
අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අතර 2001 වසරේදී ඇතිකරගත් එකඟතාවයකට අනුව ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා සත්කාරකත්වය සපයනු ලබන නගරය විසින්ම එම වසරේ ගිම්හාන පැරාලිම්පික් තරගාවලිය සඳහා ද සත්කාරකත්වය සපයනු ලබයි. මේ අනුව 2009 ඔක්තෝබර් 2 දින කෝපන්හේගන් හි පැවති 121 වන IOC සැසිවාරයේදී, 2016 ගිම්හාන ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලි වල සත්කාරකත්වය සඳහා බ්රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරය තෝරා ගන්නා ලදී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.