2011 ක්‍රිකට් ලෝක කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
2011 ICC ක්‍රිකට් ලෝක කුසලානය දසවන ක්‍රිකට් ලෝක කුසලානයයි. එය ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ පළමු වරට බංග්ලාදේශයේ ක්‍රීඩා කරන ලදී. මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 6කින් පරාජය කළ ඉන්දියාව තරගාවලිය ජයග්‍රහණය කළ අතර, එම ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මවුබිමේදී ජයගත් පළමු රට බවට පත් විය.[1][2] තරගාවලියේ වීරයා ලෙස ඉන්දියාවේ යුවරාජ් සිං නම් කෙරිණි.[3] ලෝක කුසලාන ඉතිහාසයේ ආසියානු කණ්ඩායම් දෙකක් අවසන් මහා තරගයට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය විය. 1992 ලෝක කුසලාන තරගාවලියෙන් පසු අවසන් තරගයට ඔස්ට්‍රේලියාව සහභාගි නොවූ පළමු අවස්ථාව ද එය විය.
ක්‍රිකට් ලෝක කුසලානය 2011 | |
---|---|
ගොනුව:2011 Cricket World Cup Logo.svg | |
කාලය | පෙබරවාරි 19 – අප්‍රියල් 2 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජ්‍යාතයන්තර තරඟ |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම |
සත්කාරකත්වය | ![]() ![]() ![]() |
ශූරයන් | ![]() |
සහභාගීත්වය | 14 |
තරඟ | 49 |
තරඟාවලියේ වීරයා | ![]() |
වැඩිම ලකුණු | ![]() |
වැඩිම කඩුලු | ![]() ![]() |
නිල වෙබ් අඩවිය | cricket.yahoo.com |
← 2007 2015 → |
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකයින් 10 දෙනෙකු සහ ආශ්රිත සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව ජාතික ක්‍රිකට් කණ්ඩායම් 14ක් මෙම තරඟාවලියට සහභාගී විය.[4] සමාරම්භක උත්සවය 2011 පෙබරවාරි 17 වන දින ඩකා හි බංගබන්ධු ජාතික ක්‍රීඩාංගනයේදී[5] පැවැත්වූ අතර තරඟාවලිය පෙබරවාරි 19 සහ අප්‍රේල් 2 අතර පැවැත්විණි. පළමු තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඩකා හි මීර්පූර්හි ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.[6]
පාකිස්තානය ද සම සත්කාරකයකු වීමට නියමිතව තිබූ නමුත්, 2009 වසරේ ලාහෝර්හිදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එය අවලංගු කරන ලදී,[7] සංවිධායක කමිටුවේ මූලස්ථානය, ලාහෝර් සිට මුම්බායි වෙත මාරු කරන ලදී.[8] පාකිස්තානයට එක් අවසන් පූර්ව තරගයක් ඇතුළුව තරග 14ක් පැවැත්වීමට නියමිතව තිබුණි.[9] තරග අටක් (අර්ධ අවසන් පූර්ව තරගය ඇතුළුව) ඉන්දියාවට, හතරක් ශ්‍රී ලංකාවට සහ දෙකක් බංග්ලාදේශයට පිරිනැමිණි.[10]