2007 වි20 ක්‍රිකට් ලෝක කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
අන්තර්ජාතික ක්‍රිකට් වංශකතාවේ නව පරිච්චේදයක ඇරඹුමක් ලෙස පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟ සඳහා ලෝක කුසලාන තරඟාවලිය වර්ෂ 2007 දී දකුණු අප්‍රිකාවේදී පළමුවරට පවත්වන ලදී. ලෝ වටා විසිරී සිටින ක්‍රිකට් ලෝලීන් හට නවමු අත්දැකීමක් ලබාදෙමින් මෙම තරඟාවලිය 2007 සැප්තැම්බර් 11 සිට 24 දින දක්වා දකුණු අප්‍රිකානු ක්‍රීඩාංගන 3ක පැවැත්විය. මෙම තරඟාවලිය සඳහා ටෙස්ට් වරම් ලද කණ්ඩායම් 10ත් එක්දින ජාත්‍යන්තර වරම් ලද කෙන්යාව සහ ස්කොට්ලන්තය සමඟ කණ්ඩායම් 12ක් කාණ්ඩ 4ක් යටතේ පළමුව තරඟ කරන ලදී. පළමුවන 20-20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සහ පාකිස්තානය අවසාන මහා තරඟයේදී ගැටුනු නමුදු තියුණු තරඟයකින් පසු ඉන්දියාව ජයග්‍රහණය කරන ලදී.[1]
Quick Facts ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2007, කාලය ...
ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2007 | |
---|---|
කාලය | සැප්තැම්බර් 11 – සැප්තැම්බර් 24 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | 20-20 ජ්‍යාතයන්තර තරඟ |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම |
සත්කාරකත්වය | දකුණු අප්‍රිකාව |
ශූරයන් | ඉන්දියාව (1 වන වරට) |
සහභාගීත්වය | 12 |
තරඟ | 27 |
තරඟාවලියේ වීරයා | ෂහිඩ් අෆ්රෙඩි |
වැඩිම ලකුණු | මැතිව් හේඩන් (265) |
වැඩිම කඩුලු | උමාර් ගුල් (13) |
නිල වෙබ් අඩවිය | cricket.yahoo.com |
2009 → |
Close