2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය
From Wikipedia, the free encyclopedia
2004 වසරේ දෙසැම්බර් 26 වැනි දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ ඇතිවූ භූමිකම්පාවක් නිසා හටගත් සුනාමි රළ පහරක් ගැටීමෙන්, ශ්‍රී ලංකාවේ පෑරලියදී මගී දුම්රියක් විනාශයට පත්වූ අතර, එම දුම්රිය ව්‍යසනය 2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය ලෙස හැඳින්වේ. මෙම ව්‍යසනය, ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධව සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, සිදුවීම ලෙසද හැඳින්වෙයි. කොළඹ සිට ගාල්ල දක්වා වූ නියමිත දුම්රිය ගමන් මග අතරතුර හමුවන, තෙල්වත්ත නැවතුම ආසන්නයේ පිහිටි පෑරලිය ග්‍රාමයේ ධාවනය වෙමින් පැවැති දුම්රිය වෙත සුනාමි රළ ගැටීම නිසා මෙම අනතුර සිදුවිය. අනතුර නිසා පුද්ගලයන් 1,700 කට වඩා වැඩි පිරිසක් මිය ගිය අතර එම ප්‍රමාණය, ඊට පෙර දුම්රිය ඉතිහාසයේ වාර්ථා වී තුබූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, 1981 වසරේ සිදුවූ බිහාර් දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්රමාණයකි.
2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය 2004 Sri Lanka tsunami-rail disaster | |
---|---|
![]() | |
![]() | |
විස්තර | |
දිනය | 2004 දෙසැම්බර් 26 |
පිහිටුම | පෑරලිය, හික්කඩුව |
රට | ශ්‍රී ලංකාව |
දුම්රිය මාර්ගය | මුහුදුබඩ දුම්රිය මාර්ගය |
ක්‍රියාකරු | ශ්‍රී ලංකා දුම්රිය සේවය |
අනතුරු වර්ගය | සුනාමි රළ, මගී දුම්රියක ගැටීම |
හේතුව | 2004 සුනාමිය |
සංඛ්‍යාන | |
දුම්රිය | 1 (නො. 8050) |
මරණ | නිවැරදිව නොදනී, අවම වශයෙන් 1,700+ |
තුවාලවීම් | 100+ |