හට්ෂෙප්සුට්
From Wikipedia, the free encyclopedia
හට්ෂෙප්සුට් (/hætˈʃɛpsʊt/;[4] හෙවත් හට්චෙප්සුට්; අරුත වංශවත් කතුන් අතර ප්රමුඛ තැනැත්තිය;[5] ක්‍රි.පූ. 1508–1458)[6] යනු ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ පස්වැනි පාරාවෝවරයායි. ඇය ඓතිහාසිකව සනාථ කළ දෙවන පාරාවෝවරිය ද වේ. පළමුවැන්නිය සොබෙක්නෙෆරු නැමැත්තියයි. (හට්ෂෙප්සුට් රැජිනට පෙර තවත් බොහෝ කාන්තාවන් ද පාරාවෝ ලෙස රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි පැවසේ. ඇයට වර්ෂ 1500කට පමණ පෙර සිටි මර්නීත් ද එවැන්නියකි.) ඇය වර්ෂ 22ක් පුරාවට රාජ්‍ය පාලනය සිදුකළා ය. නිල වශයෙන් ඇය දෙවන වියේදී රජකමට පත්කෙරුණු ළදරුවකු වූ IIIවන තුත්මෝස් සමග හවුල් පාලනයක් ගෙනගියා ය. හට්ෂෙප්සුට් යනු IIIවන තුත්මෝස්ගේ පියා වූ IIවන තුත්මෝස්ගේ ප්‍රධාන බිසවයි. ඊජිප්තුවේදීන් පවසන පරිදි ඇය ඊජිප්තුවේ වඩාත් සාර්ථකම පාරාවෝවරුන් අතරින් අයෙකි.[7] ඇය දේශිය ඊජිප්තු රාජවංශයක වැඩිම කලක් රාජ්‍ය පාලනය කළ කාන්තාව ද වේ. ඊජිප්තුවේදියකු වූ ජේම්ස් හෙන්රි බ්රෙස්ටඩ්ට අනුව, "අප දන්නා ඉතිහාසයේ හමුවන පළමු ශ්‍රේෂ්ඨතම කාන්තාව ඇය" ලෙස හඳුන්වා ඇත.[8]
හට්ෂෙප්සුට් | |
---|---|
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 1478 – 1458 පමණ (18වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | තුත්මෝස් II |
අනුප්‍රාප්තිකයා | තුත්මෝස් III |
වල්ලභ | තුත්මෝස් II |
දරුවන් | නෙෆරුරේ, තුත්මෝස් III (හදාගත්) |
පියා | තුත්මෝස් I |
මව | අහ්මෝස් |
උපත | ක්‍රි.පූ. 1507 පමණ[2][3] |
මරණය | ක්‍රි.පූ. 1458 (51වන වියේදී) |
භූමදානය | KV20 (ඇතැම්විට KV60[3] තුළට ඇතුළු කරන්නට ඇත) |
ස්මාරක | කාර්නැක් දෙවොල, හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානය, ස්පියොස් ආර්ටිමිඩොස් |