![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/70/SL_Anuradhapura_asv2020-01_img30_Samadhi_Buddha.jpg/640px-SL_Anuradhapura_asv2020-01_img30_Samadhi_Buddha.jpg&w=640&q=50)
සමාධි බුදු පිළිමය
From Wikipedia, the free encyclopedia
සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර නන්දන උයනේ පිහිටා තිබේ. මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු දක්වයි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක. මෙම ඉරියව්ව පිළිබඳ මුළු මහත් බෞද්ධ ලෝකයම දැනුවත් වන අතර එනිසාම බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලව යොදාගනු ලැබේ. අනුරාධපුර සමාධි පිළිම වහන්සේ අඩි 7'3" ක උසින් යුක්ත වන අතර තනි ග්‍රැනයිට් (හුණුගල්) පාෂාණයෙන් නිමවා ඇත.
Quick Facts සමාධි බුදු පිළිමය, මූලික තොරතුරු ...
සමාධි බුදු පිළිමය | |
---|---|
![]() අනුරාධපුර සමාධි බුදු පිළිමය | |
මූලික තොරතුරු | |
පිහිටීම | අනුරාධපුර |
භූගෝලීය ඛණ්ඩාංක | 8°22′12″N 80°23′53″E |
අනුබැඳියාව | බෞද්ධ |
පළාත | උතුරු මැද පලාත |
රට | ශ්‍රී ලංකාව |
Close