සමගි ජන බලවේගය
From Wikipedia, the free encyclopedia
සමගි ජන බලවේගය (දෙමළ: ஐக்கிய மக்கள் சக்தி, ඉංග්‍රීසිːSamagi Jana Balawegaya) යනු ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂයකි . 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ (එජාප) කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම සන්ධානය පිහිටුවන ලදී. 2020 පෙබරවාරි 11 වන දින ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔවුන් එම පක්ෂය ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන ඇති බවයි. පක්ෂයේ මහලේකම්වරයා ලෙස රංජිත් මන්දුමබණ්ඩාර නම් කෙරුණා. ජාතික හෙළ උරුමය (ජා.හෙ.උ.), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (ශ්‍රී.ලං.මු.කොං.) සහ දෙමළ ප්රගතිශීලී සන්ධානය (දෙ.ප්‍ර.ස) 2020 පෙබරවාරි වන දින නව සන්ධානයට එක් වේ. සන්ධානය පිහිටුවා මාස 6ක් වැනි කෙටි කාලයකදී ආසන 54ක් දිනාගත් අතර ප්‍රධාන විපක්ෂය බවට පත්විය.
සමගි ජන බලවේගය ஐக்கிய மக்கள் சக்தி United People's Power | |
---|---|
නායකයා | සජිත් ප්‍රේමදාස |
සභාපති | සරත් ෆොන්සේකා |
මහ-ලේකම් | රංජිත් මද්දුමබණ්ඩාර |
ආරම්භක | සජිත් ප්‍රේමදාස |
ප්‍රකාශකයා | එස්.එම්. මරික්කාර්[1] |
උද්‍යෝගපාඨය | දිනමු |
ආරම්භය | 10 පෙබරවාරි 2020 (වසර 4 කට පෙර) (2020-02-10) |
බිඳීම | එක්සත් ජාතික පක්ෂය |
මූලස්ථානය | 815, ඊ.ඩබ්ලිව්. පෙරේරා මාවත, අතුල්කෝට්ටේ[2] |
තරුණ පාර්ශවය | සමගි තරුණ බලවේගය |
මතවාදය | බහුත්වවාදය කණ්ඩායම්: සමාජ ප්රජාතන්ත්රවාදය ගතානුගතිකවාදය ලිබරල් ගතානුගතිකවාදය ආර්ථික ලිබරල්වාදය ප්‍රගතිවාදය |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 54 / 225 |
මැතිවරණ ලාංඡනය | |
දුරකථන | |
වෙබ් අඩවිය | |
sjb.lk/ | |
[[{{{country_adj}}} දේශපාලනය]] [[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]] [[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]] |