ශ්‍රී ලංකාවේ වී ගොවිතැන
හැඳින්වීම / From Wikipedia, the free encyclopedia
මිනිසා ගොවි යුගයට පරිවර්තනය වූ දා පටන් එදා මෙදා තුර ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය බත් ය. ලෝක ජනගහනයෙන් 2/3ක් පමණ වෙසෙන ආසියානු කලාපය වී ගොවිතැන සඳහා වඩාත් ප්‍රචලිත ය. ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මයේ මෙන් ම ආහාර භෝග වගාවෙහි ප්‍රධානත ම භෝගය වී වශයෙන් හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙරේ. ඉන් විශාල ශ්‍රම පිරිසකට රැකියා සපයා ඇත. එමෙන් ම අධික ජන සංඛ්‍යාවක් පෝෂණය කරන ධාන්‍ය වර්ගයකි. ශ්‍රි ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ද සැලකිය යුතු අන්දමින් දායක වේ. 1999 වසරේදී දළ ජාතික නිෂ්පාදනයට එකතුව රුපියල් දශලක්ෂ 30197ක් වූ අතර ප්‍රතිශත දායකත්වය 3.04%ක් වේ. වී වගා කරන දිස්ත්‍රික්ක අතරින් ද අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල වැඩි අස්වැන්නක් ලැබේ.
![]() | ශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටි (කොටස) වෙතින් කොටස් වෙන්කර මෙම ලිපිය සමග ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සාකච්ඡාව) |