ශ්රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටි
From Wikipedia, the free encyclopedia
වී වගාවේ දී ගොයම් පැළයට අමතරව කුඹුරෙහි දක්නට ලැඛෙන ඕනෑම පැළෑටියක් වල් පැළෑටියක් ලෙස හඳුන්වනු ලැබේ . වල් පැළ පාලනය සිදු කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ වී වගාව ආරම්භක අවස්ථාවේ සිටමය. එබැවින් වගා ආරම්භයට පෙර සිටම සාර්ථක වල් පැළ පාලනයක් සිදු කර ගැනීමට නම් කුඹුරෙහි ඇති විවිධ වල් වර්ග කුමන ප්රමාණයකින් තිබේද යන්න පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය.
වී වගාවේ බලපෑම් ඇති කරන වල් පැළෑටි ද ප්රධාන කාණ්ඩ 03 ක් හඳුනා ගත හැක. එනම් ,
- තෘණ වර්ගයේ වල් පැළෑටි
- පන් වර්ගයේ වල් පැළෑටි
- පළල් පත්ර වර්ගයේ වල් පැළෑටි