සිරි ලක්මාන (සිංහල භාෂාවෙන්),ශ්‍රී ලංකාභිමාන්‍ය (සංස්කෘත භාෂාවෙන්),(ඉංග්‍රීසි: Sri Lankabhimanya, siri lakmana) යනු පුද්ගලයෙකු විසින් "ජාතිය වෙනුවෙන් විදහා පෑ කැපීපෙනෙන සහ විශිෂ්ඨ සේවය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළම සිවිල් ජාතික ගෞරව අභිධානයයි. එය සමස්ථ රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පිළිගන්වනු ලබයි.[1] මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකුට පමණක් වන අතර, පුද්ගලයෙකුගේ මරණයෙන් අනතුරුවද මෙම අභිධානය පිරිනැමිය හැකි වේ.[2] සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් දේශබන්ධු යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. 1986 වර්ෂයේ සිට මේ වන විට මෙම ගෞරව නාමය පුද්ගලයෝ අට දෙනෙකුට පමණක් පිරිනමා තිබේ.

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.