![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/01/Vsvarahacave.jpg/640px-Vsvarahacave.jpg&w=640&q=50)
වරාහ ලෙන් දේවාලය
From Wikipedia, the free encyclopedia
වරාහ ලෙන් දේවාලය (හෙවත් ආදිවරාහ ලෙන් දේවාලය) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ තමිල් නාඩුවේ කාංචීපුරම් දිස්ත්රික්කයේ මාමල්ලපුරම්හි පිහිටි ශෛලමය ලෙන් දේවාලයකි. මෙය බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළේ පිහිටියේ ය. ගම්මානයේ කඳුවැටියේ මුදුනක පිහිටි මෙය මාමල්ලපුරම්හි ප්රධාන රථ සහ වෙරළාසන්න දේවාලයට 4 km (සැත. 2.5) පමණ උතුරින් පිහිටා ඇත.[1][2] මෙහි 7වන සියවසට අයත් ඉන්දියානු ශෛලමය ගෘහනිර්මාණ ශිල්පයට නිදසුන් සපයන ස්ථානයකි. මෙම දේවාලය පුරාතන විශ්වකර්ම ස්ථපතින්ගේ විශිෂ්ඨ නිමැවුමක් ලෙස සැලකිය හැකි අතර මණ්ඩප හෙවත් ශෛලමය ගුහා අතර ප්රමුඛ ස්ථායක් හිමිකර ගනියි. මහාබලිපුරම් ස්මාරක සමූහයේ කොටසක් වන මෙම දෙවොල යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්රකාශයට පත්කෙරුණේ 1984දී i, ii, iii සහ iv යන නිර්ණායක යටතේ ය.[3] මෙම ලෙනෙහි ඇති වඩාත්ම ප්රකට මූර්තිය නම් විෂ්ණු දෙවියන්ගේ වරාහ අවතාරය සයුරෙන් භූදේවිය හෙවත් මහී දෙවඟන ඔසවන අයුරු නිරූපිත කැටයමයි. මීට අමතරව මෙහි බොහෝ මිත්යා රූ කැටයම් කොට ඇත.[4]
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
![]() | |
නිර්ණායකය | සංස්කෘතික: i, ii, iii, iv |
මූලාශ්ර | 249 |
අභිලේඛනය | 1984 (8වන සැසිය) |