ලෝක රූ රැජිණ
From Wikipedia, the free encyclopedia
ලෝක රූ රැජිණ යනු ලෝක රූ රැජිණ සංවිධානය (Miss World Organisation) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. ජාත්‍යන්තර රූ රැජිණ, මහා ජාත්‍යන්තර රූ රැජිණ, මිහිකත රූ රැජිණ සහ විශ්ව රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ ලෝක රූ රැජිණ තරඟයයි.[1][2][3] 1951 වර්ෂයේදී Eric Morley ගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ මෙම තරඟය,[4][5] ලොව පැරණිතම රූ රැජිණ තරඟයද වෙයි.
Quick Facts සංස්ථාපනය, වර්ගය ...
සංස්ථාපනය | 1951 |
---|---|
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | ලන්ඩන්, එක්සත් රාජධානිය |
නිල භාෂා | ඉංග්‍රීසි |
President | Julia Morley |
Key people | Eric Morley |
වෙබ් අඩවිය | Official website |
Close
සාම්ප්‍රදානුකූලව, ලෝක රූ රැජිණක් තම ධූර කාලය තුලදී රැඳී සිටින්නේ, එංගලන්තයේ ලන්ඩන් අගනුවර තුලයි. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද ලෝක රූ රැජිණ තරඟය නම් දරයි.[6]