[[ගොනු|300px|thumb|right|Human blood smear:
a - erythrocytes; b - neutrophil;
c - eosinophil; d - lymphocyte.]]

Thumb
A scanning electron microscope (SEM) image of a normal red blood cell, a platelet, and a white blood cell.

ලේ හෙවත් රුධිරය යනු රුධිර ෙසෙල, රුධිර ප්ලාස්මය නමින් හඳුන්වන දියරමය ආකාරයක් තුල ගිලී පවතින විශේෂිත ශරීර තරලයකි. ජීව විද්‍යාත්මකව සම්බන්ධක පටක වලට අයත්වේ. ශරීර තරලයන්ගෙන් 55% රුධිර ප්ලාස්මය වන අතර එහි අන්තර්ගතය 90% ම ජලයයි, ඉතිරිය එහි දියවූ ප්‍රෝටීන, ග්ලූකෝස්, ඛණිජ ලවන, හෝමෝන, කාබන් ඩයොක්සයිඩ්, පට්ටිකා සහ රුධිර ෙසෙල යනාදිය වේ. (රුධිර ප්ලාස්මය, බහිශ්රාවීය ඵල ප්රවාහනය කරන ප්රධානතම මාධය වේ,) රුධිර සෛල, රතු රුධිරාණු හා සුදු රුධිරාණු වලින් සමන්විත වේ. [1]

රුධිරය, රුධිර නාලිකා ඔස්සේ ශරීරය පුරා සංසරණය වේ. මෙය සිදුවන්නේ හෘදය මගින් සිදුකරන පොම්ප කිරීමේ ක්‍රියාවලියක් මගිනි. ධමනි, ඔක්ෂිජනීකෘත රුධිරය ශරීර පටක වෙත රැගෙන යන අතර, ශිරා, කාබන් ඩයොක්සයිඩ් සහිත රුධිරය පෙනහලු වෙත ගෙන යෑම සිදු කරයි. සංයුතිය ලෙස නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ,රධිරය ඝන මිලිමීටර එකක රක්තාණු මිලියන4.5-5,ශ්වේතාණු 7000-10000,පට්ටිකා මිලියන 0.2-0.4 ඇත.

Thumb
The circulation of blood through the human heart

ක්‍රියාකාරිත්වය

Thumb
Hemoglobin
green = heme groups
red & blue = protein subunits
Thumb
Heme

රුධිරය පහත දැක්වෙන වැදගත් ක්‍රියාවන්ට දායක වේ:

  • පටක වලට ඔක්ෂිජන් සැපයීම (රතු රුධිරාණු සමග බැදී ඇති හිමොග්ලොබින් මගින්)
  • ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල හා මේද අම්ල වැනි පෝෂක සැපයීම
  • කාබන් ඩයොක්සයිඩ්, යූරියා සහ ලැක්ටික් අම්ලය වැනි අප ද්‍රව්‍ය බැහැර කිරීම.
  • ප්‍රතිදේහ මගින් ආගන්තුක ද්‍රව්‍ය හදුනා ගැනීම හා සුදු රුධිරාණු සංසරණය කරමින් ඒවා භක්ෂණය මගින් ප්‍රතිශක්තිය රදවා ගැනීම.
  • කැටිගැසීම මගින්, සිදුරු වූ රුධිර වාහිනී ඔස්සේ අඛණ්ඩව රුධිරය ගලා යෑම නවතාලීම.
  • දූත මෙහෙවර, හෝමෝන ප්‍රවාහණය හා සංකූලතා සහිත පටක සම්බන්ධයෙන් සංඥා කිරීම.
  • ශරීරයේ නියත pH අගය පවත්වා ගැනීමට ආධාර වීම (ශරීරයේ සාමාන්‍ය රුධිර pH අගය පරාසය 7.35 - 7.45)
  • ශරීර උෂ්ණත්වය නියතව පවත්වා ගැනීම

References

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.