From Wikipedia, the free encyclopedia
ඇමයිනෝ අම්ල යනු එක් එක් ඇමයිනෝ අම්ලයට ආවේණික වූ පැති දාම (R කාණ්ඩය) සමගින්, ඇමයින් (-NH2) සහ කාබොක්සිල් (-COOH) යන ක්රියාකාරී කාණ්ඩ අන්තර්ගතවන කාබනික සංයෝග වේ.[1][2][3] ඇමයිනෝ අම්ලයක ප්රධාන රසායනික සංඝඨක ලෙස කාබන්, හයිඩ්රජන්, ඔක්සිජන්, සහ නයිට්රජන් අන්තර්ගතවන අතර, සමහරක් නිශ්චිත ඇමයිනෝ අම්ලයන්හී පැති දාමවල අනෙකුත් මූලධාතූන්ද හමුවේ. ඇමයිනෝ අම්ල වර්ග 500ක් පමණ හදුනාගෙන තිබෙන අතර (කෙසේවූවද ප්රවේණි කේතයහී දක්නට ලැබෙන්නේ 20ක් පමණි) ඒවා විවිධ ආකාරයන්ගෙන් වර්ගීකරණය කෙරේ.[4]
Seamless Wikipedia browsing. On steroids.