![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/43/Image-Zigong_Salt.jpg/640px-Image-Zigong_Salt.jpg&w=640&q=50)
ලුණු
From Wikipedia, the free encyclopedia
ලුණු යනු ප්‍රධාන වශයෙන්ම සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සමන්විත වුණු ඛනිජයකි. සත්වයන්ට ජීවත් වීම සඳහා ලුණු කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය නමුදු වැඩිපුර ශරීරගතවීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකිය. මූලික රසවලින් එකක් වන ලුණු ආහාර රසකාරකයක් ලෙස ලොව පුරාම භාවිතා කෙරෙයි. ලුණු දැමීම ආහාර කල් තබාගැනීමේ එක් ක්රමයකි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/43/Image-Zigong_Salt.jpg/640px-Image-Zigong_Salt.jpg)
මිනිස් පරිභෝජනය සඳහා භාවිතා කරන ලුණු අපිරිසිදු ලුණු (උදා: මුහුදු ලුණු), පිරිසිදු ලුණු (මේස ලුණු) සහ අයඩීන් මිශ්‍රිත ලුණු වශයෙන් කිහිප ආකාරයකින් පවතියි. මුහුදු ජලයෙන් හෝ පාෂාණ නිධිවලින් ලබාගන්නා සාමාන්‍ය ලුණු ස්ඵටික සුදු, ලා රෝස හෝ ලා අළු පැහැ ගනියි. ආහාරයට ගන්නා ලුණු ඒවායේ ඛනිජ අන්තර්ගතය නිසා අළු පැහැයකින් දිස්වෙයි.
ලුණුවල අඩංගු ප්‍රධාන සංඝටක වන ක්ලෝරයිඩ් සහ සෝඩියම් අයන සියලුම ජීවීන්ට තම පැවැත්ම සඳහා කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය වෙයි. ශරීරයේ ජල අන්තර්ගතය පාලනයට ලුණු දායක වෙයි. නමුත් අධික ලෙස ලුණු භාවිතය අධි රුධිර පීඩනය වැනි භයානක රෝග තත්ව ඇති කිරීමට හේතු වේ. මේ නිසා ආහාරයට ගන්නා සෝඩියම් ප්‍රමාණය පාලනය කිරීමට සීමා සෞඛ්‍ය බලධරයන් මගින් පනවා ඇත.[1][2][3][4][5]