![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/35/Tux.svg/langsi-640px-Tux.svg.png&w=640&q=50)
ලිනක්ස්
ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය / From Wikipedia, the free encyclopedia
ලිනක්ස් (Linux) (ගනූ ලිනක්ස් ලෙසද හැඳින්වේ) යනු යුනික්ස් හා සමාන පරිගණක මෙහෙයුම් පද්ධතියකි. ලින්ක්ස් විවෘත කේත (open source) මෘදුකාංගයක සංවර්ධනයට ප්‍රකට නිදසුනක් වන අතර, වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් මෙන් නොව මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට ලබා ගැනීමට, බෙදා හැරීමට, හා වෙනස් කිරීමට ඉඩ සලසයි.
![]() | |
විකාශකයා | බොහෝ |
---|---|
ලියන ලද්දේ | නොයෙක් |
OS පවුල | යුනික්ස්-වැනි |
Working state | වත්මන් |
මූලාශ්‍ර ආකෘතිය | නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග |
අලෙවිකරණ ඉලක්කය | වැඩතල, සර්වර්, එබ්බු උපාංග |
ලබා ගත හැක්කේ | බහුභාෂමය |
Platforms | DEC Alpha, ARM, AVR32, Blackfin, ETRAX CRIS, FR-V, H8/300, Itanium, M32R, m68k, Microblaze, MIPS, MN103, PA-RISC, PowerPC, s390, S+core, SuperH, SPARC, TILE64, Unicore32, x86, Xtensa |
Kernel type | ඒකශෛලමය |
Userland | නොයෙක් |
Default user interface | බොහෝ |
License | Various including GNU General Public License, BSD License, Apache License, MIT License, and others--on condition that such licenses are compatible with the GNU General Public License (GPLv2) |
Official website | kernel.org/ |
ආරම්හක යුගයේදී ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් අතර පමණි. එනමුත් පසු කාලීන ව IBM, Sun Microsystems, Hewlett-Packard, Novell වැනි සමාගම් ලිනක්ස් සර්වර් මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කෙරිණී. වර්තමාන වන විට ලිනක්ස් වැඩතල මෙහෙයුම් පද්ධතියක් (desktop OS) ලෙස ප්‍රචලිතව ඇත. මෙය ජංගම දුරකතන වල සිට සුපිරි පරිගනක දක්වා විහිදී ඇත. මෙහි ඇති විශ්වාසීදායකත්වය, ආරක්ෂාව, අඩු වියදම (ඇත්තටම වියදමක් ඇත්තේම නැත) හා නිදහස මෙහි සාර්ථකත්වයට හේතුවී ඇත.