![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/51/Ram_Mandir%252C_Bhubaneswar.jpg/640px-Ram_Mandir%252C_Bhubaneswar.jpg&w=640&q=50)
රාම් මන්දිර්, භුබනේස්වර්
ඉන්දියාවේ භුබනේස්වර්හි දේවාලය / From Wikipedia, the free encyclopedia
රාම් මන්දිර්, (ඔඩියා: ରାମ ଦେଉଳ) යනුවෙන් හැඳින්වෙන්නේ රාම දෙවියන්, ලක්ෂ්මණ දෙවියන් සහ සීතා දෙවඟනගේ අලංකාර ප්‍රතිමා තැන්පත් කොට ඇති දේවාලයකි. මෙය ඉන්දියාවේ භුබනේස්වර් මධ්‍යයේ[1] ඛාරවේල් නගර්වලට ආසන්නව ජන්පත්[2] නම් ප්‍රදේශයේ ය. ප්‍රධාන දේවාලයේ ඉහළ නැගි ශිඛරය ප්‍රධාන නගරයේ බොහෝ ප්‍රදේශවල සිට දිස්වනු දැකිය හැකි ය. මෙය නගරයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක්ව පවතියි. පෞද්ගලික භාරයක් මගින් ඉදි කරන ලද සහ නඩත්තු කිරීම් සිදු කෙරෙන මෙම දේවාල සංකීර්ණය හනුමාන් දෙවියන්, ශිව දෙවියන් ඇතුළු අනෙකුත් දෙවිවරුන් සඳහා ඉදි කළ හිරියල් පැහැයෙන් වර්ණ ගැන්වූ කිරිගරුඩ දේව ප්‍රතිමා ඇතුළත් කුඩා දේවාලවලින් ද සමන්විත ය.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/51/Ram_Mandir%2C_Bhubaneswar.jpg/640px-Ram_Mandir%2C_Bhubaneswar.jpg)