මෞර්ය අධිරාජ්‍යය
ක්‍රි. පූ. 321 සිට ක්‍රි. පූ. 185 දක්වා පැවැති ඉන්දියාවේ බලවත් අධිරාජ්‍යය / From Wikipedia, the free encyclopedia
මෞර්ය අධිරාජ්‍යය යනු පුරාතන ඉන්දියාවේ යකඩ යුගයේ පැවැති, භූගෝලීය වශයෙන් අතිමහත් ප්‍රදේශයක පැතිර පැවැති ඓතිහාසික බලවතෙක් වූ අතර එය මෞර්ය රාජ වංශය විසින් ක්‍රිපූ 321 සිට 185 දක්වා පාලන කෙරිණි.
මෞර්ය අධිරාජ්‍යය मौर्यसाम्राज्यम् (Sanskrit) | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 322–ක්‍රි.පූ. 185 | |||||||||||||||||
මෞර්ය අධිරාජ්‍ය එහි විශාලතම ව්‍යාප්තිය යටතේ දි | |||||||||||||||||
අගනුවර | පාටලීපුත්‍ර (වර්තමාන කාලයේදී පැට්නා) | ||||||||||||||||
පොදු භාෂාවන් | Old Indic Languages (e.g. Magadhi Prakrit, Other Prakrits, Sanskrit) | ||||||||||||||||
ආගම | හින්දු ආගම බුද්ධාගම ජෛනාගම ආජිවක | ||||||||||||||||
රජය | අර්ථශාස්ත්රහී විස්තර කෙරෙන පරිදී පූර්ණ රාජාණ්ඩුව | ||||||||||||||||
සම්රාට් (අධිරාජයා) | |||||||||||||||||
• 320–298 BCE | චන්ද්‍රගුප්ත මෞර්ය | ||||||||||||||||
• 298–272 BCE | බිංදුසාර | ||||||||||||||||
• 268–232 BCE | අශෝක | ||||||||||||||||
• 232–224 BCE | Dasaratha Maurya | ||||||||||||||||
• 224–215 BCE | Samprati | ||||||||||||||||
• 215–202 BCE | Salisuka Maurya | ||||||||||||||||
• 202–195 BCE | Devavarman | ||||||||||||||||
• 195–187 BCE | Satadhanvan | ||||||||||||||||
• 187–185 BCE | Brihadratha | ||||||||||||||||
ඓතිහාසික යුගය | පුරාතනය | ||||||||||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 322 | ||||||||||||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 185 | ||||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||||
5,000,000 km2 (1,900,000 sq mi) | |||||||||||||||||
ව්‍යවහාර මුදල | පනම් | ||||||||||||||||
| |||||||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව ඇෆ්ගනිස්තානය බංග්ලාදේශය භූතානය ඉරානය නේපාලය පකිස්තානය |
මගධ රාජ්‍යයය (වර්තමාන බිහාර් හා බෙන්ගාල ප්‍රදේශ ), ඉන්දු ගංඟා නිම්නයෙන් පටන්ගෙන උප මහද්වීපයේ නැගෙනහිර ප්‍රදේශය පැවතිනි. එහි අග නුවර වූයේ පාඨලී පුත්‍ර (වර්තමානයේ පැට්නා ) නගරයයි. මෙම අධිරජ්‍යයයේ ආරම්භකයා වන්නේ චන්ද්‍ර ගුප්ත මෞර්ය වංශිකයායි.ඔහු නන්ද රාජ වංශය පරාජය කර මධ්‍යම හා දකුණු ඉන්දියාව හරහා ඔහුගේ බලය බටහිර දෙසට පතුරුවාගනු ලැබීය.ඔහු මෙහිදී දේශීය බලතල කඩා බිඳ දැමීය. ක්‍රි.පූ. 316 වන විට වයඹ දිග ඉන්දියාවේ සම්පූර්ණයෙන්ම මෙම අධිරාජ්‍යයයට අයත් විය.එය මහා ඇලෙක්සැන්ඩර් ගෙන් පසුව ප්‍රාදේශීය රාජ්‍ය යටත් කර ගැනීම වේ.
මෞර්ය අධිරාජ්‍යය උතුරින් ස්වාභාවික දේශ සීමාවක් වන හිමාලය දක්වාද, නැගෙනහිරින් ඇසෑමය දක්වාද පැතිරී පැවතිනි.බටහිරින් වර්ථමාන පාකිස්ථානයද, ඇෆ්ගනිස්ථානයේ වැදගත් ප්‍රදේශ වන හේරාට් සහ කන්දහාර් පළාත්ද ,ඉරානයට අයත් සිස්තාන් සහ බලුකිස්ථාන් යන පළාත්ද වීය.බින්දුසාර අධිරාජ්‍යයා විසින් තම අධිරාජ්‍යය මධ්‍යම සහ දකුණු දිග ඉන්දීය ප්‍රදේශ කරාද පැතිරවීය.නමුත් ගවේෂණය නොකරන ලද කුඩා ගෝත්‍රික ප්‍රදේශ සහ කැලෑ බද ප්‍රදේශයක් වන කාලිංගය මීට අයත් නොවීය. මෞර්ය අධිරාජ්‍යය ඉන්දියානු උප මහාද්වීපයේ පැවති විශාලම අධිරාජ්‍යය ලෙස සැළකේ.මෞර්ය රාජ වංශයේ විනාශ වීම ආරම්භ වූයේ අශෝක අධිරාජ්‍යයාගේ අවෑමෙන් වසර 50 ක් පමන ඉක්මවූ පසුවයි.ඉන්පසු මගධයේ බලයට පත් වන්නේ සුන්ග රාජ වංශයයි.
චන්ද්‍ර ගුප්ත කාලයේ ,මෞර්ය අධිරාජ්‍යය ඉන්දියාවෙන් එතෙර මැසිඩෝනියානු නීතිය යටතේ පවතින ප්‍රදේශ ද අයත් කර ගන්නා ලදී. චන්ද්‍ර ගුප්තගේ ආක්‍රමණයෙන් ඇලෙක්සැන්ඩර්ගේ හමුදා ජනරාල්වරයකු වන සෙලියුකස් ප්‍රමුඛ හමුදාව විනාශ විය. චන්ද්‍ර ගුප්ත කාලයේ දේශිය සහ විදේශීය වෙළඳාම ,කෘෂි කර්මය සහ ආර්ථික කටයුතු යන තුන් අංශයන්ගෙන්ම සංවර්ධනයට පත් විය.කාලිංඝ යුද්ධයෙන් පසු ලද අත්දැකීම් හේතුවෙන් අශෝක අධිරාජ්‍යයා යටතේ අඩ සියවසක කාලයක් පමණ සාමකාමී සහ ආරක්ෂිතව පැවතුනි.ඉන්දියාවේ පැවති සෞභාග්‍යමත් හා ස්ථාවර අධිරාජ්‍යය සතුව පැවති ශක්තිමත් ආර්ථික සහ යුධමය ශක්තිය හේතුවෙන් ඔවුන්ගේ දේශපාලන මත හා වෙළඳාම බටහිර හා මධ්‍යම ආසියාව ද ,යුරෝපය දක්වාද පැතුරුනි.