![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ee/Birds_at_the_Minneriya-Giritale_National_Park.jpg/640px-Birds_at_the_Minneriya-Giritale_National_Park.jpg&w=640&q=50)
මින්නේරිය ජාතික වනෝද්‍යානය
From Wikipedia, the free encyclopedia
මින්නේරිය ජාතික වනෝද්‍යානය ජාතික වනෝද්‍යානයක් වන අතර ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත තුළ පිහිටා ඇත. මෙම ප්‍රදේශය 1997 අගෝස්තු 12 දී ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලද අතර, 1938 මුලින් ම වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශ කරන ලදී.[1] මෙම ප්‍රදේශය ආරක්ෂා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කිරීමට හේතුව වන්නේ මින්නේරිය වැව අවට ජල පෝෂක හා අවට ප්‍රදේශයේ වනජීවී ආරක්ෂා කිරීමයි. වැව ඓතිහාසික වැදගත්කමක් සහිත අතර, මහසෙන් රජු විසින් ක්‍රි.ව. තුන්වන සියවසේ දී ඉදි කර ඇත. මෙම උද්‍යානය වියළි සමයේ මාතලේ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල වාසය කරන අලි ජනගහනය සඳහා පෝෂණ බිමක් වේ. උද්‍යානය 2009 අගෝස්තු මාසයෙන් අවසන් මාස හය තුලදී උපයා ගත් ආදායම රු. මිලියන 10.7.[2]මින්නේරිය, කවුඩුල්ල හා ගිරිතලේ එක්ව ශ්‍රි ලංකාවේ වැදගත් කුරුළු ප්‍රදේශ (IBAs) ආකෘති 70 ක් සාදයි.[3] මෙම උද්‍යානය කොළඹ සිට 182 කිලෝමීටර (113 mi) පිහිටා ඇත .
මින්නේරිය ජාතික වනෝද්‍යානය | |
---|---|
IUCN category II (national park) | |
![]() මින්නේරිය ජලාශය අසල කුරුල්ලන් රැළ | |
පිහිටුම | උතුරු මැද පළාත,ශ්‍රි ලංකාව |
සමීපතම නගරය | පොළොන්නරුව |
වර්ග ප්‍රමාණය | හෙක්ටයාර 8,889.4 |
සංස්ථාපනය | 1997 අගෝස්තු 12 |
පාලක ස්ථිතිය | වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව |