මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පරිපාලන දිස්ත්‍රික්කය / From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය මාතලේ දිස්ත්‍රික්කය පිලිබඳ වේ. නගරය සඳහා, මාතලේ බලන්න.
මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කයකි. ලංකා දිවයිනේ මධ්‍ය ලක්ෂය මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය තුල ඇතැයි සැලකේ. මෙහි විශාලත්වයෙන් ව.කි.මී. 1993.9 කින් සමන්විත වේ. මධ්‍යම පලාතේ උතුරු කොටස නියෝජනය කෙරෙන මාතලේ දිස්ත්‍රික්කය නැඟෙනහිර දේශාංශ 80º 28” , සිට 80º 59” දක්වා හා උතුරු අක්ෂාංශ 7º 24” සිට 8º 01” දක්වා පැතිර පවතී. උතුරින් අනුරාධපුරය ද නැගෙනහිරින් පොලොන්නරුව, බදුල්ල හා අම්පාර ද දකුණින් මහනුවර ද බටහිරින් කුරුණෑගල ද යන දිස්ත්‍රික්ක වලින් මායිම් වන මාතලේ, දිවයිනේ ස්වාභාවික සම්පත් වලින් අනූන ප්‍රදේශ වලින් එකකි.
Quick Facts මාතලේ දිස්ත්‍රික්කය, රට ...
මාතලේ දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
මාතලේ දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
විශාලතම නගරය | මාතලේ |
සරිය | |
• මුළු | 1,993.9 කිමී2 (769.8 සතරැස් සැත) |
• භූමිය | 1,952 කිමී2 (754 සතරැස් සැත) |
• ජලය | 41 කිමී2 (16 සතරැස් සැත) |
ජනගහණය(2011) | |
• මුළු | 482,229 |
• ඝණත්වය | Bad rounding here240/කිමී2 (Bad rounding here630/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-22 |
Close
සීගිරිය , දඹුලු ලෙන් විහාරය මෙන්ම නකල්ස් කඳුවැටිය ද පිහිටි මෙම දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ක් පුරා විහිදුනු ගම්මාන 1373 කින් සමන්විත 482,229 ක ( වර්ෂ 2012 දි ) ජනගහනයක් වෙසෙන ප්රදේශයකි.